(අංජුල මහික වීරරත්න)
මේ දිනවල පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අරමුණින් දිවයිනේ සියලු පාසල් වල ඩෙංගු මැඩලීමේ වැඩසටහනක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව සංවිධාන කර තිබේ.
මෙම වැඩසටහන ජූලි 9 වැනි දා පැවැත්වේ.
“Clean Sri Lanka Day” නමින් නම් කර තිබෙන මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.
රෝග ව්‍යාප්තිය වැළැක්වීම, මදුරුවන් බෝවන ස්ථාන හදුනා ගෙන ඒවා ඉවත් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එදින සිදු කෙරෙන අතර පාසල් දරුවන් තුළ පාරිසරික, සමාජීය හා ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම ඉන් අරමුණු කෙරේ.
එමෙන්ම මීට සමගාමීව මෙරට පාසල් 10,096ම ආවරණය වන පරිදි චිත්‍ර, පොස්ටර් ප්‍රදර්ශන, නාට්‍ය සංස්කෘතික සහ සංගීතමය අංග මෙන්ම දැනුවත් කිරීමේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් සිසුන් සහ ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවද මෙහිදී සඳහන් කෙරිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආණ්ඩුකාර කාර්යාලවල සහායද මේ සඳහා ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.මෙම වැඩසහටන ඉදිරියේදී විද්‍යා පීඨ හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, අතිරේක ලේකම් උදාරා දික්කුඹුර යන මහත්ම මහත්මීහුද, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කොහෙල්වල විපස්සී ස්වාමීන් වහන්සේද, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ (සමාජීය) කපිල සෙනරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
පාසල්වලට ඩෙංගු මැඩීමේ දිනයක් ප්‍රකාශයට පත් කරයි