(ප්‍රියනාත් චන්ද්‍රපාල)

පානම පොලීසියේ නිළධාරියකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අම්පාර කොරෝනා රෝහලට ඇතුලත් කළ බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම නිළධාරීයා සමග එකට නේවාසිකාගාරයේ සිටි පොලිස් නිළධාරීන් 8ක් සහ පොලීසිය අසල තුබූ තේ කඩයක පුද්ගලයින් පස් දෙනකු නිරෝධායනය ලක් කර ඇත.

කොරෝනා වැළඳුණු පසුගිය දිනවල පාලමුනේ රෝහලට විශේෂ රාජකාරි සඳහා යොදවා ඇත.

එම රාජකාරි නිමවීමෙන් පසු ඔහු නිවාඩු ලබා මාවතගම තම නිවසට ගොස් ඇති අතර පසුගිය 28 වන දින නැවත පානම පොලීසියට පැමිණ ඇත.

එම නිධාරියා මේ මස 06 වන දින පී.සී. ආර් පරික්ෂණයට ලක්කල බවත් එහි වාර්තාව 10 වන දින ලැබුණු අතර එය පොසිටිව් වී තිබුණු බවත් එම ආරංචි මාර්ග පැවසූහ.