(අංජුල මහික වීරරත්න)
කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත.
පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඊට අදාළ පහසුකම් සලසන ලෙස උපදෙස් ලබා දී තිබේ.
ඒ අනුව අදාළ පහසුකම් සැපයීම ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ සිදු කරනු ලබයි.
වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එන්නකි. එම ගමනේදී ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගෙන් වන ආපදාවලට ද මුහුණ දී තිබේ.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම බැතිමතුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් සැපයීම වෙනුවෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී ඇත.
COMMENTS
අපි රාජකාරි කල කාලයේ වගේ දිසාපති කෙනෙක් ඉන්නවා කියලා අහන්න ලැබීම සතුටක්.
පාද යාත්‍රාවෙන් කතරගම පුදබිමට වාර්ෂිකව පැමිණෙන මෙම පිරිස් කඳ සුරිඳු කෙරෙහි අපමණ භක්තියකින් දේවාශිර්වාදය ලබාගැනීම සඳහා පේවී පැමිණෙන බව රහසක් නොවේ යැයි සිතමි. පැමිණෙන ගමනේ දී අනේකවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන බවද ඔවුහු දැනසිටිති. එවන් අපමන දුෂ්කරතා මැද පැමිනෙන මේ ගමනේ නියම දේවාශිර්වාදය ඇත්තේද ඔවුන්ට පමණක් බවද විශ්වාස කෙරේ. එසේ නම් මෙම භක්තිවන්ත පිරිසට සැපයිය යුතු වන්නේ කුමක්දැයි සිතා බැලීම වටිනා දෙයකි. ඔවුන්ගේ අරමුණට බාධාවක් නොවන සේවාවක් හෝ පහසුකමක් ලබාදීම සිදුවිය යුතුවේ.
ජනවරමක් නැති ජනාධිපතිට යන්න පාද යාත්‍රා දෙන්න දෙයියන්ටවත් බැරිවෙනවා.