
(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන මට්ටමේ අවදානමෙන් සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබේ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලය, උඩුනුවර, උඩ පලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩදුම්බර, ගග ඉහල කෝරලය, පස්බාගේ කෝරලය, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, මාවනැල්ල, දැරණියගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, නෝර්වුඩ්, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, බලන්ගොඩ, කලවාන, කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
අද (18) පස්වරු 7.00 දක්වා මෙම නිවේදන වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 17
45
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ප්‍රා.ලේ.කො. 30කට නාය අනතුරු ඇඟවීම්