IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්

(අංජුල මහික වීරරත්න)

පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නියැලීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එමෙන්ම සිය වෘත්තීය නිපුණතාවය වර්ධනය කර ගැනීම සඳහා නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වුයේ කොළඹ ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන් සමඟ අද (15) සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙරට සියලු ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉල්ලීම් 11 ක් ඇතුළත් සංදේශයක් කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙහිදී අමාත්‍යවරයාට ලබා දුන් අතර එම සංදේශයට ඇතුළත් කරුණු පිළිබද ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගනිමින් අමාත්‍යවරයා දීර්ඝ සාකච්ඡාවක නිරත වෙමින් කරුණු සොයා බැලුවේය.

මෙහිදී, කරුණු කිහිපයකටම අදාළ විසදුම් ඒ මොහොතේම ලබාදීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් අතර තවත් ඉල්ලීම් කිහිපයක්ම ඉටුකර දීමට තමා පියවර ගන්නා බව අමාත්‍යවරයා කොළඹ ජන මාධ්‍යවේදීන්ගේ සංගමයේ නියෝජිතයන්ට මෙහිදී දන්වා සිටියේය.

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් යළි ඇති කිරීමට මෙහිදී අමාත්‍යවරයා සිය අවධානය යොමු කල අතර ඒ සදහා විධිමත් සැලැස්මක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මාධ්‍යවේදීන් සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කරනු ලබන හැදුනුම්පත මින් ඉදිරියට ක්‍රියාකාරී මාධ්‍ය වේදීන්ට පමණක් නිකුත් කිරීමටත්, එමෙන්ම සියලුම මාධ්‍ය වේදීන් සදහා අංග සම්පුර්ණ නේවාසික හා කෙටිකාලීන පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමටත්, මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ප්‍රාදේශීය මාධ්‍ය වේදින්ට සිය වෘත්තියට අදාළ උපකරණ මිලදී ගැනීම සදහා අඩු පොලි යටතේ ණය මුදලක් ලබාදීමේ හැකියාව පිළිබදව සොයා බැලීම ඇතුළු ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඉල්ලීම් රාශියකට සිය එකඟතාවය පලකරමින් එම ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.



අදහස් (2)

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්

එමි.එස්.එම්.මුන්තසිර් Thursday, 16 January 2025 06:49 AM

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් උදෙසා අගනා,වටිනා සත්කාරයක්. සාර්ථකවේවා!!! (පසුගිය කාලයවල අප වේනුවේන් ආරමිභකල මෙවැනි යෝජනා කිසිම ප්‍රතිලාභ නොමැතිව අඩපන වුනා)

:       0       0

සානත් Thursday, 16 January 2025 02:00 PM

අදහසත් හොඳයි ඉදිරිපත්වීමත් හොඳයි ක්‍රියාත්මක වීම..................®

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site