(තිලකරත්න දිසානායක.)
ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අද (4) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
කලා ක්ෂේත්‍රයේ 50 වසරක් පමණ විශිෂ්ඨ සේවාවක් සිදු කළ දුමින්ද සිරිසේන මහතා මියයනවිට 75 වෙනි වියෙහි පසුවූ අතර දෙදරු පියෙකි.
දේහය ගම්පහ , ශ්‍රී බෝධි පාර අංක 29/3 දරණ නිවසට රැගෙන ඒමට නියමිත ය.
දේහය පිළිබඳ අවසන් කටයුතු 7 වෙනි බ්‍රහස්පතින්දා බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව පවුලේ සාමාජිකයෝ පවසති.
දේහය 7 වෙනි දින දක්වා බොරැල්ල රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කොට තැබෙන බවත් අවසන් කටයුතු 7 වෙනි දින සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බවත් ඒ මහතාගේ පුත්‍රයෙකු සදහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ප්‍රවීන රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවි රඟ මඬලට සමුදෙයි
iks chandrasiri Monday, 04 December 2023 10:03 AM
100%ක්ම තමන් රගපන චරිතයෙම ජීඑවත්වෙන ජනහඩ දිනු රංගධරයානෙනි ඔබතුමාට නිවන් සුව ලැබෙවා..
රංබොඩ Monday, 04 December 2023 10:41 AM
දැනුම, උගත්කම්, හොඳ ආකල්ප, රටට, දැයට, සමයට ආදරය ඇති පිරුණු කලා කරුවන් එකින් එක දැයෙන් සමු ගන්නවා. ඇඟපත පමණක් ඇති ඒ ගැන පමණක් කතා කරන පරපුරක් ඉතිරි වෙමින් පවතිනවා.
thilaka Monday, 04 December 2023 12:05 PM
කුඩා කාලේදී අපේ තරුණ කාලය කොහොම වේද කියල අපට හිතා ගන්න බැරි උනා . තරුණ කාලේදී අපේ වැඩිහිටි කාලය කොහොම වේද කියල අපට හිතා ගන්න බැරි උනා . වැඩිහිටි කාලේදී අපේ මහලු කාලය කොහොම වේද කියල අපට හිතා ගන්න බැරි උනා . මේ හැම කලෙකදිම අපේ මරණය මොන වගේද කියල හිතා ගන්න බැහැ. ඔබට නිවන් සුව..
P.D Goonawardena Monday, 04 December 2023 12:52 PM
කෘතහස්ත කලාකරුවාණෙනි....ඔබට නිවන්සුව..!!!
Udhuli Monday, 04 December 2023 02:03 PM
ඔබතුමාට නිවන්සුව ලැබේවා.!
Anura Nanayakkara Tuesday, 05 December 2023 07:49 AM
ඉතා දක්ෂ කලාකරුවෙකි. ඔබතුමාට නිවන් සුව ලැබේවා...!