IMG-LOGO

පෙළ පොත් මුද්‍රණයත් නවතින ලකුණු

(සුජිත් හේවාජුලිගේ )

නිසි වේලාවට මුද්‍රණ කඩදාසි නොලැබුණහොත් පෙළ පොත් මුද්‍රණය අඩාළ  විය හැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

පාසල් පෙළ පොත් මුද්‍රණය ලබන මාසයේදී  ආරම්භ කිරීමට නියමිතය.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28 කින් පමණ ඉහළ යෑම නිසා පෙළ පොත් මුද්‍රණය සඳහා යොදාගන්නා  විශේෂිත මුද්‍රණ කඩදාසි සොයා ගැනීම අභියෝගයක්වී ඇතැයිද  ඇය සඳහන් කළාය.

මුද්‍රණ කඩදාසි මිල සියයට 28  කින් ඉහළ දැමීමට සිදුවන බව සැපයුම්කාර සමාගම් අද දැනුම් දුන් බව  පැවසූ කල්පනා ලියනගේ මහත්මිය මේ සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග ඉදිරියේදී සාකච්ඡා කිරීමට කටයුතු කරගෙන යන බවද කීවාය.

රජයේ මූලික ලියකියවිලි මුද්‍රණය කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි  කරගෙන යන බවත් ඒ සඳහා මුද්‍රණ කඩදාසි සංචිතයක් පවත්වාගෙන යන බවත් ඇය කීවාය.

මුද්‍රණ කඩදාසි ප්‍රශ්නය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සහ   එහි ප්‍රධානීන්  අතර විශේෂ සාකච්ඡාවක් එම දෙපාර්තමේන්තුවේදී අද (14) පැවැත්විණ.



අදහස් (2)

පෙළ පොත් මුද්‍රණයත් නවතින ලකුණු

Pradeep Kumara Monday, 14 March 2022 05:31 PM

ඇයි හිටපු කර්මාන්ත ඇමැතිතුමා ලොකු උත්සවයක් තියලා වාලච්චේන කම්හලේ පළමු කඩදාසි තොගය රාජ්‍ය මුද්‍රණ සංස්ථාවට දුන්නා නේද? එතකොට ඒක තවත් එක් සංදර්ශණයක්ම විතරයිද? අපරාදේ උත්සවයට වියදම් කළ මුදල...!

:       0       4

Prasad Monday, 14 March 2022 07:57 PM

මුද්‍රණ දෙපාර්තමේන්තුව වර්තමානයේදී පෙළපොත් මුද්‍රණය කරන්නේ නැත.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site