
(අංජුල මහික වීරරත්න)
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව මෙම අවස්ථාව හිමි වී තිබේ.
එම වැඩසටහනට සමගාමීව, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජික-සාමාජිකාවන් හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය සහ පාර්ලිමේන්තුවේ කාර්‍යභාරය මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටද අවස්ථාව උදා විය.
මෙහිදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය බාර අමාත්‍යවරයෙකු පත් කිරීමද විශේෂත්වයකි.
ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලය සහ සාමාජික -සාමාජිකාවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙම අවස්ථාවේදී සිදු විය.

2025 නොවැම්බර් මස 04
54
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2006
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිළියන්දල මැදිවිදුහල් ’’පුංචි මැතිසබේ’’ ජනපති කාර්යාලයේ