(ගයාන් සූරිය ආරච්චි)
පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසේ තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටර් උණ්ඩයක් සොයාගත් බව කැස්බෑව පොලිසිය පවසයි.
එම පරිසර වේදියාගේ පුත්‍රයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුගේ පිළියන්දල පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී මෙම ආයුධ තොගය සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.
ඒ අනුව පිළියන්දල හොයන පාරේ පිහිටි ඔහුගේ නිවසේ උඩුමහලේ සොල්දොර තට්ටුවේ යන්ත්‍රෝපකරණ කාමරය පරීක්ෂා කිරීමේදී එම ආයුධ තොගේ හමු වී ඇති බව පොලිසිය පවසයි.
එහිදී අංක මකාදමන ලද ටී පනස් හය ස්වයංක්‍රීය ගිනි අවියක්, මළ බැඳී තිබූ ටී පනස් හය මැගසින් හතරක්, T 56 ජීව උණ්ඩ අනූ හයක්, ට්‍රසර් උණ්ඩ විස්සක්, බලපත්‍රය කල් ඉකුත් වූ බෝර දොළහ වර්ගයේ ගිනි අවියක්, මෝටර් උණ්ඩයක් පොලිසියට හමුවී ඇත.
එම ආයුධ තොගය එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න පිළිබඳවත්, කිසිවෙකු විසින් එම ආයුධ තොගය මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශන සිදුකිරීමට නියමිත අතර මේ වන විට කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිළියන්දල නිවසකින් ගිනි අවි-උණ්ඩ සොයාගනී
fairoos Wednesday, 15 May 2024 12:25 PM
කොටි ද නැත්නම් සහරාන් ද දන්නේ නෑ