(අංජුල මහික වීරරත්න)
මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවන හෙයින් පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සියලු පළාත් ආණ්ඩුකාරවරු මේ පිළිබඳ ලිඛිතව දැනුම් දී ඇත.
වර්තමාන අභියෝගාත්මක කාලයේ රාජ්‍ය වියදම් කළමනාකරණය කරමින් මහජන සේවා ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වන හෙයින් මෙම පියවර ගත් බව ජනාධිපති කාර්යාලය කියයි.
තම පළාතේ සංවර්ධන ප්‍රමුඛතා හඳුනා ගැනීමේදී මෙන්ම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුකාරවරුන් පළාතේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති කාර්යාලය සමග මනා සම්බන්ධීකරණයක් පවත්වා ගත යුතු බවට අදාල ලිපියෙන් දන්වා ඇත.
ඒ අනුව අවම වශයෙන් දෙසතියකට වරක් තම පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් පවත්වා පළාත් සභාව හරහා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳ නිරන්තර කථිකාවක් පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දී තිබේ.
අසීරු කාලවකවානුවේදී ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ආණ්ඩුකරුවන් දක්වන දායකත්වය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා අවධානයෙන් පසුවන බව ද ජනාධිපති ලේකම්වරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් සභා වියදම් කළමනාකරණය ආණ්ඩුකාරවරුන්ට පවරයි
දාස Thursday, 11 August 2022 03:56 AM
ආණ්ඩුකාරයාගේ මල්ල කරේ
ලොකු අප්පු Thursday, 11 August 2022 03:59 AM
බෙදා හදාගෙන පළාත් සභාවේ කොල්ලෝ ටිකත් එක්ක පරණ විදිහටම කයි සල්ලි ටික.