බිඟුන් මේනක ගමගේ
පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්නැයි පවසමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ කරන්නේ බොරුවක් යැයි නිදහස් හා සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ ජාතික ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය චෝදනා කරයි.
පළාත් සභා වැඩි සංඛ්‍යාවක නිල කාලය අහෝසි වී තිබෙද්දී ඒවායේ කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකැයි මැතිවරණ කොමිෂන් සභාව පැවැසීම සාධාරණ යැයි කී හෙතෙම මේ තත්ත්වයට විසඳුම් දීමේදී මැතිවරණ කොමිසමට කළ හැකි දෙයක් නැතැයි ද අවධාරණය කර කීය.
ඒ අනුව පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීමට බලතල පාවිච්චි කළ හැක්කේ පාර්ලිමේන්තුවට වුවත් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ඒ වෙනුවෙන් මැදිහත් වී නැතැයි ද තෙන්නකෝන් මහතා කීවේය.
මේ වනවිට පළාත් සභා මැතිවරණ ඉල්ලා බලකරන්නේ පාර්ලිමේන්තුව හෝ පළාත් සභාව නියෝජනය නොකරන බැසිල් රාජපක්ෂ හා මෛත්‍රී ගුණරත්න යන දේශපාලකයන් පමණක් වීම කනගාටුවට කරුණක් යැයි ද ඔහු කීය.
උතුරු නැගෙනහිර ගැටලුවට පිළියමක් ලෙස පළාත් සභා හඳුන්වා දුන්න ද දෙමළ ජාතික සන්ධානයවත් ඒ ගැන උනන්දුවක් නොදක්වන්නේ යැයි ද නැගෙනහිර පළාත් සභාව අකර්මණ්‍ය වී මාස 13 ක් ගතවී තිබියදීත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමෙන් එය හොඳින්ම පැහැදිලි වන්නේ යැයි ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘පළාත් සභා ඡන්ද ඉල්ලා දේශපාලන පක්ෂ කරන්නේ බොරුවක්’