IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පළාත් පාලන ඡන්දයේ වියදම ඉල්ලා රනිල්ට නඩු දානවා

(යොහාන් භාසුර)

නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් රුපියල් කෝටි 72 ක මුදලක් අපතේ යෑම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණයට යන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

‘නිදහස ජනතා සභාවේ’ ලිපි ශීර්ෂය යටතේ ‘ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ වන්දිය ගෙවනු, ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක්’ යන ශීර්ෂය යටතේ ඩලස් අලහප්පෙරුම මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ලිපියක් යොමු කර තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ දේශපාලන ශූන්‍යභාවය වසා ගැනීමට 2023 වසරේ ජනවාරි මස අත්තනෝමතික ලෙස පළාත් පාලන මැතිවරණය කල්දැමූ බවත් ඒ වන විට මැතිවරණ කොමිසම එම මැතිවරණය සඳහා රුපියල් කෝටි 72 කට අධික මුදලක් වැයකර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තිබූ බවත් එම ලිපියෙන් ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පවසයි.

 



අදහස් (9)

පළාත් පාලන ඡන්දයේ වියදම ඉල්ලා රනිල්ට නඩු දානවා

ගමේ එකාලා Monday, 09 December 2024 05:24 PM

දිස්තිරික්ක පහක ඡන්ද පත්‍රිකා ඒ වෙනකොට මුද්‍රණය කරලා අවසන්.... රනිල් ඡන්දේ නොපැවැත්වූයේ දූෂිත පවුල් පාලනේ ඔවුන්ගේ ඕනෑකමට වෙන්ඩැති.

:       7       38

ranjith Monday, 09 December 2024 06:22 PM

මේ සඳහා සැමගේ සහාය ලබාදී මේ හිතුවක්කාර පාලකයාට මහජන මුදල් එක්ක කරපු සෙල්ලමට වන්දි බලාගමු...

:       10       19

බකල ජයා Monday, 09 December 2024 06:35 PM

අර බාර් විකුණපු ගානෙන් මේ ගාණ අඩුකරපුවාම රනිල් රජයට හොයපු ආදායම කීයද? ආ, එතකොට කජු ගාණත් අඩු කරන්න...

:       5       29

විපරමා Monday, 09 December 2024 08:17 PM

රනිල්ගේ අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි. ජනතාවගේ බදු මුදල් නිසා ගාණක් නැතුව ඇති...

:       10       17

Saththaya Monday, 09 December 2024 09:52 PM

අපි දැන් මෙහෙම හරි කාල , බීල ගමන් බිමන් යන්නේ කව්රු නිසාද ? වාචීස්සර හිමිගෙන් සත් සතිය හොදට ඉගෙන ගත්ත කෙනෙක් නේද ? හොදට මතක තියා ගන්න රට බංකොලොත් වුනේ හොරා කාල . එතකොට ඒ කණ්ඩායම නියෝජනය කරපු අයගේ අවංක කම මනාව පෙන්නුම් කරනවා . මින් මතුවට හොරා කාපු කණ්ඩායම් වලට කතිරය ලැබෙන එකක් නැහැ. මනුස්ස ආත්මයක් ලබලා මෙවැනි කතා කියන්නේ කොහොමද කියන එක කණගාටුවට කරුණක්... අපේ හොඳකට තමයි ඡන්දය තිබ්බේ නැත්තේ... ඇයි කතිරේ අරගෙන රටම සූරාගෙන කනවා. රනිල් මහත්මයාට පින්...

:       0       0

Mangala Dissanayake Monday, 09 December 2024 11:11 PM

හොඳ වැඩක්... පරාද වෙන බව දැනගෙන ඡන්දය කල් දැම්මා. එයා හිතාගෙන ඉන්නේ එයා තමයි වැඩ්ඩා කියලා, සජිත්, රනිල් එකවල්ලේ පොල්...!

:       0       0

pj Tuesday, 10 December 2024 06:38 AM

69 ලක්ෂයකගේ සහ 2/3 බලය ඇති නඩයටත් බැරි වුණු දේ මේ හාල්පාරුවෝ කරයි කියලා තමයි බය...!

:       0       0

Parakrama Bandara Tuesday, 10 December 2024 09:30 AM

රනිල් රටට හොයලා දුන්නු වටිනාකම් වලින් මේ සොච්චම් මුදල අඩුකරගන්න

:       3       0

ජිල්බු Tuesday, 10 December 2024 03:19 PM

හිතලා කරපු දෙයක් නෙමේනේ, නේද...? ඔය පොඩි පොඩි ගණන් වලින් වැරදුණාට පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site