(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම උතුර පොතුඅරාව කැකිරිහේන ප්‍රදේශයේදී මිතුරන් අතර ඇතිවූ කතාබහ දුරදිග යාමෙන් අනතුරුව ඇති වූ පිහි ඇනුමකින් තරුණයෙකු මිය ගොස් ඇතැයි මාලබේ පොලිසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ පොතුඅරාව පාර කැකිරිහේන ප්‍රදේශයේ පදිංචිව සිටී ජයරු ජීවන්ත 19 යන අයයි
සැකකාර පුද්ගලයා මියගිය පුද්ගලයාගේ කනට පහරදී ඇති අතර අනතුරුව ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු සඟවාගෙන සිටි උල් පිහියකින් තරුණයාගේ උදර ප්‍රදේශයට ඇණ ඇතැයි පොලීසිය සඳහන් සඳහන් කරයි
බරපතළ තුවාල ලද තරුණයා කොස්වත්ත රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් ඇතැයි මාලබේ පොලීසියට ලද පැමිණිල්ලකින් අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවසීය
සැකකාර පුද්ගලයා හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශය හැර පලාගොස් ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
මාලබේ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් වික්‍රමතිලක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිපුන් කවිඳු මහත්වරු පරීක්ෂණ පවත්වයි
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පිහි ඇනුමකින් තරුණයෙකු මිය යයි