IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොහොර වංචාව ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ )

පොහොර ආනයනයේදී රුපියල් කෝටි 320 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් මෙම සිද්ධි වලට වගකිව යුතු අය කෝප් කමිටුවේ සිටියදී  ඒ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙලෙස රටට නැතිවී ඇත්තේ මහජනතාවගේ ගොවි ජනතාවගේ මුදල් බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට  විගණන  වාර්තාව නිර්දේශ කර ඇතත් නිසි පියවරක් තවමත් ගෙන නැතැයි පැවසූ කිරිඇල්ල මහතා නිර්දේශ නිකුත් කර වසරකට වැඩි කාලයක් ගතවී ඇතැයිද පෙන්වාදුන්නේය.

මෙතැනදී යම් බලපෑමක් සිදු වූයේ දැයි සැකයක් මතුවන බවද  ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කඩිනමින් අරඹා වැරදිකරුවන්ට දඬුවම් කළයුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

පොහොර වංචාව ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්

සල්ලි Wednesday, 28 June 2023 07:17 AM

ඔයා රට වෙනුවෙන් කරකරපු දෙයක් කියන්න මහත්තයෝ ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site