(සනත් ගමගේ)
ලියන්ගස්තොට ව්‍යාපාරයේ කුඹුරු අක්කර 1800 කට වැඩි ප්‍රමානයකට යූරියා පොහොර ඉල්ලා ගොවීහු ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙති.
දියව් දියව් පොහොර දියව්, අපේ පොහොර හොරට විකුණලා, බළධාරීන් ගොවි ජනසේවා කාර්යාලයේ හැංඟිලා , අපට උත්තර දෙන්න එළියට එන්නේ නැහ, අද පොහොර දෙනවා කියා රැවට්ටුවා. යනාදි වශයෙන් විවිධ සටන් පාඨ කියමින් ගොවි ගෙවිළියෝ තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ වාඩි වී සිය විරෝධය සිදු කරති.
සංචරන නිති රීති ක්‍රියාත්මක වුවද වගා කර ඇති කුඹුරු විනාශ වීම බලන් සිටීමට නොහැකි හෙයින් පෙහොර ඉල්ලා මෙසේ මහ පාරට බැස්ස බව ගොවීහු කියති.
ලියන්ගස්තොට දකුණු ඉවුර යටතේ සහනාධාර පොහොර ලෙස මෙවර යල් කන්නයේ ලබා දීමට නියමිත පොහොර ප්‍රමානය මෙලෙස ලබා නොදී හොර පාරෙන් අතිරේඛ භෝග වගාවන්වලට වැඩි මිලට යූරිය පොහොර විකිණිම සිදු කර ඇති බවටත් තොරතුරු තිබෙන බවද ගොවීහු මෙහිදී ගොවිජන සේවා නිළධාරීන්ට චෝදනා කලහ.
මේ සම්බන්දයෙන් ලුණම ගොවිජන සේවා කාර් යාලයේ නිළධාරීන්ගෙන් කරුණ විමසූවත් ඒ කිසිවෙක් මාධ්‍යයට පිලිතුරු ලබා දීමට ඉදිරිපත් වූයේ නැත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට බසිති
පප්ප Wednesday, 16 June 2021 12:54 PM
අයියා මට කිව්වා... ගෝඨා ඇයි සල්ලි ගන්නේ? පෝර නිකන්ම දෙන්න කියලා. ඔන්න අපේ විරුවගේ වැඩ...
Kiri sappaya.Wednesday, 16 June 2021 05:44 PM
නිකන් දෙන්න බැරි නිසා දැන් රසායනික හොඳ නැහැ කියලා මතයක් ගෙනැල්ලා... ගොවියාටම කාබනික හදාගන්න කියනවා.
ganegoda Wednesday, 16 June 2021 02:01 PM
විපක්ෂයේ හිටිය කාලේ රාජපක්ෂලත් රජයට එරෙහිව මේ වගේ සටන්වලට සම්බන්ධව දකින්න ලැබුනා
Banuka Wednesday, 16 June 2021 02:02 PM
රසායනික පොහොර 100% තහනම් කිරීම තුළ අස්වැන්න අඩුවීම ස්ථිරයි .කිසිදිනක මෙරටට කාබනික ගොවිතන කිරීමට නොහැකි වීමය . ඔබව හා ඔබ රජය ඊලග ඡන්දයේදි , බන්බඩාරනායක මැතිනියට 1977 දී වු ලෙස ගෙදර යාමට සිදුවන බව කනගාටුවෙන් වුවද ප්රකාශ කිරීමට සිදුවේ
siri Wednesday, 16 June 2021 03:01 PM
මම දැක්ක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කියා තියෙනවා " වර්තමාන පොහොර අර්භුදය ඉදිරියේදී ආහාර අහේනියක් ඇතිවීමට හේතුවෙන අතර ඒ නිසා රටේ ආර්ථිකය කඩා වැටීමටත් ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්න ඇතිවීමටත් හොඳටම බලපාන්නට පුළුවන්" කියල.
fairoos Wednesday, 16 June 2021 03:46 PM
ආණ්ඩුව හැම අතින්ම ෆේල් වේගෙන එනවා. පාස්කු ප්‍රහාරය ගැන අලුත් ප්‍රවෘත්තියක් ළඟදීම එයි වගේ... නැතිනම් මේවට පිළිතුරු නෑ.
uddika Wednesday, 16 June 2021 05:21 PM
මේ රට හදන්න බැහැ. ඔක්කොම පඬිවරු... වෙන රටකට පලයල්ලා...
wasantha Wednesday, 16 June 2021 05:57 PM
මේ ආණ්ඩු දෙකම තමන්ගේ නාස්තිකාරකමින් ඇතිකළ විදේශ විනිමය අඩුපාඩුව අහිංසක ගොවියන්ගේ පිට දැමීම කවදා හෝ පල දිය යුතුයි. හදිස්සියේම වස විස නැතිකිරීමට මතක්වීම විහිළුවක්...!!!
Manoo Wednesday, 16 June 2021 06:05 PM
රසායනික පොහොර යොදලා හදපු එළවළු කන යුරෝපා ජාතිකයෝ අවුරුදු 100ක් විතර ජීවත් වෙනවා. ලංකාවේ කහ උණ, වකුගඩු රෝග හැදෙන්නේ පානය කරන පරීක්ෂා නොකරපු ජලයෙන්...