
(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී,ඉතිරි වී ඇති අමාත්‍යධුර දහය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වන අතර,ඉන් විසි දෙනෙක් දැනටමත් පත්ව සිටිති.
ඉදිරියේ දී සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී,අලුතින් අමාත්‍යවරුන් දස දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර,එම අමාත්‍යධුර දහය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි දැනගන්නට තිබේ.
අමාත්‍යධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන් ,විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 8 අට දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇතැයි වාර්තා වේ.
මේ අතර , සමගි ජන බලවේගයේ ද රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්වී අමාත්‍යධූර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.
සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට තමා සූදානම් බව රාජිත සේනාරත්න මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර,සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් එකඟතාවක් පළ කර නැතැයි වර්තාවේ.
සමගි ජන බලවේගයේ ද ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.
2025 දෙසැම්බර් මස 18
477
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටුව - සජබ ඇමතිකම්වලට හැප්පෙති
Kumara Saturday, 08 April 2023 09:12 PM
අනේ නුඹලා ඇණකොටාගෙන වෙඩි තියාගනිල්ලකෝ.. කිරිබත් කාලා බට්ටෝ පත්තු කරන්න.
විපරමා Saturday, 08 April 2023 11:16 PM
බලලෝභී දූෂිත දේශපාලුවන්. ඇමැතිකම් ගත්තත් නැවත ඔවුන්ට ඡන්දය නොදීමට ජනතාව තිරණය කරාවි...
Dasa P Saturday, 08 April 2023 11:58 PM
දැන් කාගෙ කාගෙත් කටේ තියෙන්නේ සීනුව වගේ...!
Samantha Sunday, 09 April 2023 08:01 AM
පහුගිය කාලේ මිනිස්සු පාරට බැහැලා එපා කියපු උන්දැලාට තමයි මේ රනිල් පප්පා දිගට හරහට ඇමැතිකම් බෙදන්නේ..., දැන්නම් මේ රටේ ඕනෙම මනුස්සයෙක්ට තේරෙන්න ඕනේ රනිල් ඔය පුටුවේ ඉන්නකම් මිනිස්සු ඉල්ලපු කිසිම සිසිටම් චේන්ජ් එකක් වෙන්නේ නැහැ කියලා....
King Sunday, 09 April 2023 11:40 AM
රනිල් ඔය ඇමතිකම් ටික දෙන්නේ නෑ. පෙන්න පෙන්න ඉන්නවා දෙනවා වගේ. මේ ගල් මෝඩයින් ටිකත් අර එළුවාගේ මොකද්ද එක වැටෙන කම් පස්සෙන් ගියා වගේ කීකරුව කියන දේ කරගෙන ඉන්නවා... මේක අද ලැබෙයි, හෙට ලැබෙයි කියලා.
fairoos Sunday, 09 April 2023 02:12 PM
මේ කාලකණ්ණි එකතුවෙලා රට කනවා. ඡන්දයක් තියලා සෙට්එකටම වැඩේ දෙන්න ඕනෑ...
BamunuarachchiTuesday, 11 April 2023 06:33 PM
අපි වැඩේ දෙන්නයි හිටියේ කාදිනල් වැඩේ කෑවා