(අජන්ත කුමාර අගලකඩ)
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකට ඇමතිධුර ලබා දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත වරක් ඉල්ලීම කර ඇතැයි වාර්තා වේ.
හිටපු ඇමතිවරුන් පස් දෙනකුගේ නම් ඒ සඳහා යවා ඇති අතර,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රෝහිත අබේගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, සී බී රත්නායක සහ විමලවීර දිසානායක යන මහත්වරුන් ගේ නම් ඊට ඇතුළත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මහින්දානන්ද අලුත්ගමගේ ,ජනක බණ්ඩාර තෙන්නකෝන්, එස් බී දිසානායක,ගාමිණී ලොකුගේ යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇති බවද වාර්තා වේ..
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොට්ටුවේ පිරිසකට ඇමැතිකම් ඉල්ලලා
ගමේ එකාලා Sunday, 23 July 2023 12:47 AM
ඇමැතිකම් ඉල්ලපු අයගේ නම් ටික දැක්කාම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හොරකම්, වන්චා, දූෂණ කරලා බඩවඩා ගත්තු කට්ටිය... කොමිස් ගහන්න, හොරාකන්න, ඇමැති වරප්‍රසාද නැතුව නින්ද යන්නෙත් නැතුව ඇති...
Bamunuarachchi Sunday, 23 July 2023 04:10 AM
දෙන්න එපා... දෙන්න එපා... දෙන්න එපාමයි... දුන්නොත් දීපු එකාට හෙන 14 වදිනවා ෂුවර්..
ජයලත් Sunday, 23 July 2023 06:48 AM
එස්.බී ට මොකටද? පිනටද?
C.K.Lankaputhra Sunday, 23 July 2023 06:53 AM
ඇමැතිකම් නැතිනම් අතපය දිග හැරලා තමන්ට වැඩක් කරගන්න බැරිනම් ඒ මන්ත්‍රි කමෙන් වැඩක් තියනවාද? රටේ මිනිස්සුන්ට වැඩ කරන්න නම් මොන බම්බුවටද පාර්ලිමේන්තුවට යන්නේ. 225ම ඇමැතිවරු කළා නම් වැඩේ ඉවරයිනේ... හැබැයි එතකොට අයියලා ටික මහ ඇමැතිකම් ඉල්ලයිද දන්නේ නෑ...!
R.M.A.Rathnayaka Sunday, 23 July 2023 07:17 AM
මේ වෙලාවේ වැඩි.. එපමණ බලපෑම් කරන අය නම් ආණ්ඩුව විසුරුවා හරින්න ඕනෑ. ඉල්ලන සියලුම දෙනා මිනිස්සු එලඑපු අය. හොරු ඉන්නවා. දියයුතු කීප දෙනෙක් ඉන්නවා දුමින්ද, අනුර යාපා, වෙල්ගම, චන්ද්‍රසේන, ලන්සා, බේරෙන්නම බැරි නම් රෝහිත, විමලවීර, මහින්දානන්ද, ජොන්ස්ටන්, වජිර, සී.බී
Samitha Sunday, 23 July 2023 07:31 AM
ජනක බණ්ඩාරගේ පුතා දැනටත් ඇමැති. මොවුන්ට ඇතිවීමක් නැද්ද? අම්මාගෙන් කිරි බීලා තනෙත් කඩාගෙන කන ජාතියේ අය තමයි මුන්නම්... ඕනෑම නම් මොවුන්ට එතනෝල් ඇමැති, රත්තරන් ඇමැති, බුලත් විට ඇමැති, කප්පම් ඇමැති වගේ ඇමැතිකම් ටිකක් දෙන්න..
Nimal Sunday, 23 July 2023 12:19 PM
රටම විනාශ කළ මේ එක කාලකණ්ණියෙක්ටවත් ඇමැතිකම් දීම සුදුසු නැත. මේ හැමදෙනාවම අපේ රටේ දේශපාලන භූමිකාවෙන් එළවා දැමිය යුතුයි.
Perera Sunday, 23 July 2023 12:37 PM
මේ රට ඔය තත්වයට පත්වෙලා තියෙන්නේ මෙතුමන්ලාට ඇමැති රාජකාරි කරන්න බැරි නිසානේ... ඕක ජනාධිපති තුමාට කවුරුහරි තේරුම් කරලා දෙන්නකෝ...!