IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොහොට්ටුවේ දිස්ත්‍රික් දොළහක නායකයෝ රහසිගත හමුවක

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහි වී ජනපතිට සහය දීම  සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයන් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කොළඹ මලලසේකර මාවතේ පිහිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ  නිවසේ අද (22) රාත්‍රී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව සඳහා දිස්ත්‍රික්ක 12ක පොහොට්ටු නායකයින් සහභාගී වී ඇත.

එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ බහුතර මතයට පිටින් ගොස්  පක්ෂය වෙනත් අපේක්ෂකයකු නම් කළහොත් එම තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමටය.ඒ පියවර සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන  පොහොට්ටු මන්ත්‍රීවරුන් 75කට ආසන්න පිරිසකගේ සහයද අදාල පොහොට්ටු ප්‍රබලයන්ට ලැබී ඇති බවද කියති.

දිස්ත්‍රික් මට්ටමින් එම මන්ත්‍රීවරුන්ද සම්බන්ධ කරගෙන අදාල දිස්ත්‍රික්ක වල පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා මන්ත්‍රීවරුන් ද සම්බන්ධ කරගෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කිරීමට ද මෙහිදී තීරණය කර ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (11)

පොහොට්ටුවේ දිස්ත්‍රික් දොළහක නායකයෝ රහසිගත හමුවක

පිටිගල මිලානෝ Tuesday, 23 July 2024 02:23 PM

රහසේ හම්බවෙන තරමට ඇගපතට සුවදායකයි.

:       0       0

Prabha Tuesday, 23 July 2024 02:31 PM

මෙයාලා කියන මිනිහාට මිනිස්සු ඡන්දේ දායිද?

:       0       0

Hafeel Tuesday, 23 July 2024 02:33 PM

ජීවිතයේ දිනවන්න බැරි චරිතයක්ව දිනවන්න උත්සසාහ කරලා, අවසානයේ ඔහුත් සමග මෙයාලා සේරම දේශපාලන අනාතයෝ බවට පත් වෙනවා. රනිල් ඒ ජා ප නායකත්වයට පත් වුනෙත් ගාමිණි දිසානායකගේ ඝාතනයෙන් පසුව. ඒ වගේම ජනාධිපති දුරයට පත් වුනේත් ගෞටාබය දුරය හැර දාල රටින් පැනල ගිය නිසා.

:       0       0

sene Tuesday, 23 July 2024 03:03 PM

ඔය කොච්චර කොලත් එච්චරයි, පුවත් මවලා පෙන්නුවට වැඩක් නැහැ .

:       12       41

අරවින්ද මොනරවිල Tuesday, 23 July 2024 03:24 PM

හැංගි හැංගී වෙස් මුහුණු බැන්දට නටන්න වෙන්නේ එලිපිට කියලා කතාවට කියනවා. ඒ නිසා පොහොට්ටුවෝ රහස් සාකච්ඡා කරලා තීන්දු ගත්තට ඒවා ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ සමාජ හා දේශපාලන සංධානය තුලයි. එතකොට අපි බලාගමු.

:       0       1

මැක්ස් Tuesday, 23 July 2024 03:31 PM

මොනවා වුනත්, අරගලකාර ජවිපෙ සහ පෙරටු ත්‍රස්තවාදීන් ගෙන් ඔවුන්ගේ ජීවිත බේරා දුන්නේ රනිල් මහතා නිසා ඊට කළ ගුණ සලකන්න හිතනවා වෙන්නත් පුළුවන්.

:       0       0

ජයනාත් Tuesday, 23 July 2024 04:20 PM

පොහොට්ටුව හිතාගෙන ඉන්නවා නම් එයාලාට ඕන විදියට, කියන විදියට මිනිස්සු ඡන්දෙ දේවි කියලා.. එදාට තේරේවි තමුන්ට පාර්ලිමේන්තුව ට යන්න තිබුණු චාන්ස් එකක් නැති කරගෙන කියලා...

:       0       0

Chandima Tuesday, 23 July 2024 04:28 PM

ඒ පාර රැවුලයි, කැඳයි දෙකම බේරගන්න ඇහැ වහලා ගේමක් දෙන්න යන්නේ...!

:       0       0

fairoos Tuesday, 23 July 2024 05:30 PM

කවුරු ආවත් මේ පාර NPP විතරයි

:       0       0

harsha Tuesday, 23 July 2024 05:36 PM

හොරු රැලක් සහය දුන්නට වැඩක් නැ. ජනතාව අයෙත් රවට්ටන්න බෑ. පොහොට්ටුවත් UNP එකත් සජබෙත් දැන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි

:       0       0

ගමේ එකාලා Wednesday, 24 July 2024 03:00 AM

තවම හරිහමන් එකෙක් පොහොට්ටුවෙන් හොයා ගන්ඩ බැරුව ඇති.ඉන්නේ ඔක්කොම පට්ට හොර දූෂිතයෝ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site