IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පොහොට්ටුව දෙදරයි

(සුජිත් හේවාජුලිගේ)


ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන්  විවිධ  පරස්පර විරෝධි මත  හේතුවෙන්  ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණේ කිසියම්  දෙදරීමක් හටගෙන ඇතැයි  වාර්තා වේ.
මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක් පාර්ශවයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂක බවට පත් කළ යුතු යැයි තරයේ ප්‍රකාශ කිරීමත් අනික් පාර්ශවය වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවටත් අදහස් මතු කිරීම හේතුවෙන් බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ එම පක්ෂ නියෝජිතයන් යෝජනාවක් සම්මත කර ගැනීමද මෙම දෙදරා යාම උත්සන්න වීමට බලපා ඇතැයි කියති.

මෙම යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නියෝජිතයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කර සිටියහ.

මේ සම්බන්ධයෙන් කොළඹ  නෙළුම්  මාවත පක්ෂ කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම යෝජනාවක් සම්මත කර ගැනීමට  ඒ අයට නිදහස ඇති බවයි.

කුමන යෝජනාවක් සම්මත කරගත්තද පක්ෂය ගන්නා තීන්දු සමග  ඔවුන් හිටගන්නා බව තමාට විශ්වාස  යැයිද  ඔහු  එහිදී සඳහන් කර ඇත.

 



අදහස් (6)

පොහොට්ටුව දෙදරයි

chandima Wednesday, 24 July 2024 01:38 AM

පරණ ගොනා වික්කා මහත්තයෝ. ඡන්දෙ ඉවර වෙනකල් ඒ පැත්තට ගිහින් සපෝර්ට් එකක් දීලා වරෙල්ලා කියලා කට්ටිය යවනවා. ඔය ඔක්කොමලා එකවල්ලේ පොල් කියලා අපි පහුගිය දවස්වල දැක්කනේ...? දැන් ඔය පරණ පොත්වලට රැවටිලා ඉවරයි..

:       0       3

පිටරැටියා Wednesday, 24 July 2024 02:54 AM

පොහොට්ටුවේ ඉන්නේ හොර දූෂිතයෝ ..දෙදරල මදි.දේශපාලනයෙන් අතුගා දැමිය යුතුමයි .

:       0       4

ජයනාත් Wednesday, 24 July 2024 06:13 AM

රනිල් සූක්ෂම විදියට පොහොට්ටුව විනාශ කලා. දැන් පොහොට්ටුව , අලියා දෙගොල්ලම ආණ්ඩුව කරලා ඉවරයි ...

:       0       3

fairoos Wednesday, 24 July 2024 11:08 AM

පොහොට්ටුව තමයි මේ රට මේ තත්වයට පත්කරේ

:       2       22

Rohana Wednesday, 24 July 2024 12:01 PM

පොහොට්ටුවට ඔහොම වෙලා මදි. මොකද පොහොට්ටුවට ඡන්දය දුන්නේ එජාපයෙන් වැඩකරවා ගන්න නෙවෙයි. ඡන්ද දායකයින් ඔක්කොම අතරමං කළා. ඔයකියන තරම් රනිල් හොඳ නම් පොහොට්ටුවට ඡන්දය නොදී 2019 දිම රනිල්ට ඡන්දෙ දීලා රනිල් ජනාධිපති කරන්න තිබුණා..

:       0       6

චන්දිම Wednesday, 24 July 2024 03:44 PM

මේ ඡන්දෙට බෙදිලා ඡන්දෙන් පස්සේ එකතුවෙමු කියලා බෙදන්නේ. කලබල වෙන්න එපා. පිල් දෙකක් නැතුව ඔට්ටු සෙල්ලම් කරන්න බැහැනේ...!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site