(නාලක සංජීව දහනායක)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්‍ෂකයකු නම් කිරීමට සූදානම්වීමත් සමඟම සියලූම චෞරයන් එකට එක්ව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (10) පැවැසීය.
කෙසේ වුවත් තම පක්‍ෂය ජනාධිපතිවරණය සදහා හොඳ සූදානමකින් පසුවන බවද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේ ද පැවැසීය.
තවත් දින 132න් පැවැත්විය යුතු ජනාධිපතිවරණය මඟහැරීමට ආණ්ඩුව විවිධ උපක‍්‍රම භාවිතා කරමින් සිටින බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා වත්මන් ආණ්ඩුව පසුගිය අවුරුදු හතරහමාර තුළම මැතිවරණ කල්දැමීමට ක‍්‍රියාකළ බවද කීය.
ජනමතය කල්දැමීමට ක‍්‍රියාකළ මෙරට හා ලෝකයේ පාලකයන්ට අත්වූ ඉරණම ඉතිහාසයේ කලූ අකුරින් ලියවී තිබෙන බවත් ඒ කිසිඳු නායකයකුට ඇදක් මත සුවදායක මරණයක් අත්නොවූ බවද අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට ඉතාම හොඳින් සූදානම් වන බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා ලබන 11 වැනිදා පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී විපක්‍ෂනායකවරයා විසින් තම පක්‍ෂයේ අපේක්‍ෂකයා කවුදැයි හෙළිකරනු ඇතැයිද කීය.
කොළඹ-07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1632
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘පොහොට්ටුව අපේක්ෂකයකු නම් කරන්න හදද්දී චෞරයන් එකට එක්වෙලා’