IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්‍ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් පිළිබඳව විශ්විස තබා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (6) පැවසීය.  

පොහොට්ටුව ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා බවත් නාමයෝජනා ඉදිරිපත් කර සතියක් යන විට රටේ බහුතරයක් ඔහුට සහයෝගය පළකරනු ඇති බවත් සාගර කාරියවසම් මහතා කීය.

පොදුජන පෙරමුණට පුද්ගලයන් සමඟ තරගයක් නොමැති මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුව අතර ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් ඇති බවත්  වර්තමාන ජනාධිපතිවරයා තාවකාලිකව පත්කළ කෙනෙක් බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (14)

පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි

lalindra Tuesday, 06 August 2024 01:14 PM

මොළ කුලියටවත් දෙන තැනක් තිබ්බනම් සාගර මහත්තයාට උදව් කරන්න තිබුනා. නැතිකොට මක් කරන්නද?.

:       59       66

DHARMATILEKE Tuesday, 06 August 2024 01:15 PM

නොපිපිණු පොහොට්ටුවෙයි ඔය බලාපොත්තු වී සදහටම ඉවරයි... කියන්න ඕනම නම් වෙන දෙයක් කියන්න

:       8       47

saman Tuesday, 06 August 2024 01:27 PM

දිනුවාත් පැරදුනාත් මම නම් පොහොට්ටුවේ අපේක්ෂකයා ඡන්දේ දෙනවා...

:       42       30

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 01:42 PM

රටට ආදරේ එවුන් එකෙක්වත් පොහොට්ටුවේ හිටියෙත් නැහැ ඉන්නෙත් නැහැ, ඒ නිසා සාගරට තියෙන්නේ රටින් හෝ රටට ආදරේ අය ආනයනය කරන්න.

:       29       45

samanTuesday, 06 August 2024 02:18 PM

අරවින්ද ,රටට ආදරේ අය ඉන්නපක්ෂේ මොකද්ද ?

:       1       38

රංබොඩ Tuesday, 06 August 2024 01:57 PM

රටට ආදරේ අය හොයන එක නම් දැන් කළුනික හොයනවා වගේ වැඩක්.

:       1       24

Deshapriyadwn Tuesday, 06 August 2024 02:07 PM

අරගලයට ගස්සවලා යන එන මං නැතිව බංකර් වල හිටපු වුණාට පොඩ්ඩක් එළියට එන්න බොඩ් ගාඩ් ජනාධිපති කෙනෙක් පත්කරගතේ... කොහොමත් ඔය පක්ෂේ පවුලේ බූදලයක් විතරයි.. නාමල් කළ එළි බස්සනකල් අනිත් අය පොඩි මුරකරු ජොබ් එකක් කරලා පොහොට්ටුව බලාගන්නවා විතරයි... අපරාදේ ධම්මිකගේ සල්ලි ටික නාමල්ගේ අනාගත සිහිනයට ආයෝජනය කරනවා...

:       22       26

sk Tuesday, 06 August 2024 02:19 PM

රටට ආදරේ අය ඉන්නවද බන්

:       17       22

C.K.Lankaputhra Tuesday, 06 August 2024 02:29 PM

හිතේ අමාරුවට කියන කතා

:       21       13

සමරසේන Tuesday, 06 August 2024 02:31 PM

මේ වෙලාවේ පොහොට්ටුවෙ අය දෙපැත්තක හිරවෙලා ඉන්නේ. අපිට රනිලුත් ඕනැ. මහින්දත් ඕන. බෙදුම්වාදයෙන් රට බේර ගත්තෙ මහින්ද. අරගලෙන් රට බේර ගත්තේ රනිල්. අපිගෙදර ඡන්ද දෙකට බෙදාගෙන රනිල්ටයි පොහොට්ටුවටයි දෙමු. කළගුණ සළකන්න තියෙන එකම ක්‍රමේ මේක තමයි.

:       29       0

Hafeel Tuesday, 06 August 2024 02:41 PM

අනේ මෙයාලා රටට තියන ආදරය වචනවලින් කියල නිම කරන්න බැහැ. කොච්චර රටේ සම්පත් හොරකම් කලත් රාජපක්ෂලාට කඩේ ගියා නම්, රටට ආදරේ සහ දේශප්‍රේමීන්. මූන් කාලයක් කියනවා රනිල් දේශ ද්‍රෝහී කියලත්, කාලයකට කියනවා රනිල් තමයි මේ මොහොතේ රටේ ආර්ථිකය හසුරුවන්න සුදුස්සක් කියලත් කියනවා. අපිට නම් රනිල් රටට ආදරෙත් නැහැ, ඔහුට රටේ ආර්ථිකය හසුරුවන්නත් බැහැ.

:       14       13

ගමේ එකාලා Tuesday, 06 August 2024 03:42 PM

කිසිම දේසපාලුවෙක් රටට ආදරේ ඇති අය නෙවෙයි .බලලෝබී බඩගෝස්තරවාදී අවස්තාවාදී ආත්මාර්තකාම්යෝ?

:       9       11

Deshapriyadwn Tuesday, 06 August 2024 04:42 PM

මේ අදහස් වලට ඩිස්ලයික් දාන්න සයිබර් බලකායක් සෙට් වෙලා වගේ නේද..? පහුගිය කාලේ සිහි බුද්ධියෙන් හිටිය කෙනෙක් නම් ඔහොම කරන්නේ නෑ...

:       0       0

තුසිර ඉන්දික Thursday, 08 August 2024 12:04 PM

වර්තමාන ජනපති පත් කළේ ඔබගේ පක්යෂ විසිනි. දැන් ඔහු හොඳ නැතැයි කීම විහිළුවකි. තවද බැසිල් රාජපක්ෂ නම් හොර තක්කඩියා සිටින තාක් මේ රටේ කිසිම කෙනෙක ඡන්දය නොදෙනු ඇත. හේතුව ගෝඨාභය ගෙදර යැවීමේ මුලිකයා ඔහුයි. මහින්ද සමයේ අධි බලැති ඇමැතියෙක්ව සිට අන් සියලුම ඇමැතිවරු පාලනය කළේ ඔහුයි. ඒ වෙන කමකටවත් නොව හොරා කෑමටයි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site