(ගයාන් සූරියආරච්චි)
සක්‍රීය සේවයේ යෙදී සිටියදී නිවාඩු ලබා සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සෙබළුන් 3504ක් ඉකුත් පෙබරවාරි 22 වැනිදා සිට ඊයේ 3 දක්වා මාස 4ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ෆ්රැන්ක්ලින් ජෝශප් මහතා පැවැසීය.
ඒ අනුව යුද හමුදාවෙන් පලාගිය සෙබළුන් 2937 ක්, නාවික හමුදාවෙන් පලාගිය සෙබළුන් 289ක් සහ ගුවන් හමුදාවෙන් පලාගිය සෙබළුන් 278 ක් අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රිවිධ හමුදාවලින් පලාගිය සෙබළුන්ට එම හමුදාවලට බාරවීම සදහා ඉකුත් වසරේ මැයි මස අග දක්වා පොදු සමාකාලයක් ලබාදී තිබුණි.
කෙසේ වෙතත් මෑත කාලීනව සිදුවන අපරාධ සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා සෙබළුන් සම්බන්ධවී ඇති බවට විමර්ශනවලදී අනාවරණයවීම හේතුවෙන් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදා සහ පොලිසිය එම පලාගිය සෙබළුන් සම්බන්ධයෙන් වැටලීම් කර අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා කීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පසුගිය මාස 4ට ත්‍රිවිධ හමුදා සෙබළු 3504ක් අත්අඩංගුවට