IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පස්භාගේ කෝරල සභාවටත් බොරු බෝම්බ බියක්

(රංජිත් රාජපක්ෂ)

නාවලපිටිය පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්ලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊ මේල් ගිනුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය අද  හදිසි පරික්ෂාවට ලක් කළද සැක කටයුතු කිසිවක් හමු නොවූ බව පොලිසිය කියයි.

නාවලපිටිය පස්භාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත එම ඊ මේල් පණිවිඩයට අනුව විදේශ රටකින් ලද කූඩාරමක් තුළ බෝම්බයක් ඇති බවත්, එය (29) දින පස්වරු 2:00ට පුපුරා යන බවට සදහන්ව තිබූණි.

වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශිය ලේකම්වරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස ඉවත් කර ඒ පිලිබදව ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන්නාය.

නාවලපිටිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය, පොලිස් නිළ සුනඛ අංශයේද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරික්ෂා කිරිමෙන් අනතුරුව එහි සැක කටයුතු කිසිවක් නොමැති බවට තහවුරු විය.



අදහස් (0)

පස්භාගේ කෝරල සභාවටත් බොරු බෝම්බ බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site