IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පිස්සු බල්ලෙක් මොරවක රෝහලක කොරෝනා වාට්ටුවට පැන යකා නටයි

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මොරවක කොස්නිල්ගොඩ රජයේ රෝහලේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැනපු පිස්සු බල්ලකු එහි ප්‍රතිකාරලබමින් සිටි කොරෝනා ආසාදිත කාන්තාවන් තිදෙනකු සපා කෑම නිසා එම රෝහල තුළ දැඩි කලබලයක් ඇති විය.

බල්ලා කඩා පනිනවාත් සමග ඇතැමි කොරෝනා රෝගීන් ඇඳවල් මතට  නැඟ සිය ජීවිත බේරා ගැනීම සදහා මහ හඩින් කෑ කෝ ගසා තිබෙන බව කියති.

සිද්ධිය වන අවස්ථාවේ එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විදෙස්ගතව සිට පැමිණී කාන්තාවෝ 18 දෙනෙක් ඇතුළු 38 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියහ.

ඔවුන්ගෙන් පිරිසක් නේවාසික ප්‍රතිකාර අවසන් කර සිය නිවෙස් වෙත යාම සදහා සූදානමින් සිට තිබේ.

ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ද රෝහල් භූමීයේ රැදී සිට ඇති බව දැන ගන්නට ඇත.

කෙසේ වෙතත් රෝහල් සේවකයන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් දරා සුනඛයා රෝහල්වාට්ටුවෙන් පිටතට එලවා දැමු බව රෝගීන්ගේ ඥාතීහු පැවැසූහ.

පසුව සුනඛයා පාරට පැමිණීමෙන් පසු රැස්වු පිරිස බල්ලාට පහර දී මරා දමා තිබුණි.

එම සුනඛයා අදාල ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළට ඇතුළුවු ආකාරය කිසිවකුත් දැක නොමැත.

 

 



අදහස් (6)

පිස්සු බල්ලෙක් මොරවක රෝහලක කොරෝනා වාට්ටුවට පැන යකා නටයි

Jayantha Darmasena Monday, 28 June 2021 12:56 PM

පොහොට්ටුවේ එක්කෙනෙක්ද?

:       6       65

තරංගනී ජයසුරිය - මහනුවර Monday, 28 June 2021 06:16 PM

මැදමුලනටත් මෙහෙම වුණේ අද ඊයේ නොවෙයි. ඒ දවස්වලම අහවරක් කළා නම් අද අපේ රට චීනාට යටත් රටකුත් නොවෙයි.. ඉන්දියාවට, ඇමෙරිකාවට බයෙන් ඉන්න රටකුත් නොවෙයි, ණය කන්දක් තියෙන රටකුත් නෙවෙයි.

:       19       44

lankaputha Monday, 28 June 2021 01:39 PM

ප්‍රසන්න ඔහෙටත් ආවාද?

:       0       62

Asiri Monday, 28 June 2021 03:06 PM

පව් අහිංසක බල්ලෝ මිනිසු බොරුවට කලබල කරලා බල්ලට කරගනන දෙයක් නැති වෙනන ඇති

:       0       12

ගමේ එකාලා Monday, 28 June 2021 04:27 PM

පිස්සු බල්ලෙක් කිව්වම අපි හිතුවේ වෙන දෙයක්... සමහර දෙපා සත්තුත් ඔය විදියේ වැඩ කරනවා අපි දැකලා තියෙනවා.

:       0       8

L>G>P>Jathunarachchi. Thursday, 08 July 2021 08:32 AM

පිස්සු බල්ලන්ගෙන් කෙනෙක්..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site