IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පස්සෙන් පන්නද්දී අලියාට වෙඩි තබා මරලා

(බී.ජී. චතුරංග)

හිදෝගම පොලිස් වසමේ, හල්මිල්ල කුලම ප්‍රදේශයේදී වන අලියෙකුට ඊයේ (23) වෙඩි තබා ඝාතනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව  තිරප්පනය වනජීවී කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , අංක 538, පලයාකුලම, හල්මිල්ලකුලම, තුරුවිල  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වන අලි රංචුවක් සැකකරුගේ බෝග වගාවන් ඊයේ (23) අලුයම 1.30ට පමණ පැමිණි  විනාශ කරමින් සිටියදී එම වන  ලි රංචුව පලවා හැරීමට උත්සාහ කිරීමේදී එක් වන අලියකු සැකකරු පසුපස ලුහුබැඳ පැමිණ ඇති බව වන ජීවී අංශය පවසයි.

මෙම අවස්ථාවේදී සැකකරු තම අත තිබූ බලපත්‍ර සහිත බෝර  12 ගිනි අවියෙන් වෙඩි තබා එම වන අලියා ඝාතනය කර ඇති බව වන ජීවී අංශ සදහන් කලේය.

වෙඩි වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 පමණ වන උස අඩි 7යි,  අඟල්  3ක පමණ  පිරිමි සතෙකි.

තිරප්පනය වනජීවී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව එම කාර්යාලයේ  අඩවි සහකාර එච්.එන්.බී.ඊ හේරත් මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ වවිමර්ශන  සිදු කිරීමෙන් අනතුරුව එහි පැමිණි  අනුරාධපුර  පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය ඩබ්ලිව්. එල්, යූ. මදුවන්ති මහත්මිය විසින් මරණ  පරීක්ෂණය සිදු කලහ. 

එම වෛද්‍ය වාර්තාවට අනුව වන අලියා මිය යෑමට හේතුව, වෙඩි වැදීමකින් මොළයට සිදුවූ බරපතල හානි හේතුවෙන්  බවට වෛද්‍ය වාර්තා ලබා දී තිබේ.

පසුව සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කල බවද පොලිසිය සදහන් කලේය.



අදහස් (14)

පස්සෙන් පන්නද්දී අලියාට වෙඩි තබා මරලා

ashoka Friday, 24 May 2024 12:43 PM

මේ වගේ ලංකාවේ අලි 50% ඉවත් කරන්න ඕනේ...

:       27       23

lakmalSaturday, 25 May 2024 12:15 PM

ඒ වගේම නුඹලා වගේ වුණුත් ඉවත් කරන්න ඕනෑ.

:       1       1

සැකකරු Friday, 24 May 2024 12:50 PM

අනේ අපොයි. වැරැදි අලියාටනේ වෙඩි තියලා තියෙන්නේ...!

:       2       29

ජයනාත් Friday, 24 May 2024 01:02 PM

ඒ කියන්නේ අලියා පන්නාගෙන එනකොට තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න වෙඩි තැබීමට නොහැකිද...? අලියාට වෙඩි තැබීමට තහනම් නිසා තුවක්කුව පැත්තෙන් තියලා මරලා යනකම් බලන් ඉන්න ඕනෑද...? බලමු වැරදි කවුද කියලා...

:       11       53

පැරකුම් Friday, 24 May 2024 02:07 PM

අලියගෙ අතින් මිනිහා මැරුණා නම් ඔය කවුරුත් සද්ද නෑ. උසාවියත් ඒ පැත්තේ වගෙයි. ගොවිතැනක් කරලා ජීවිතය ගැටගහ ගන්න දඟලන ඈත එපිට ගම්මානවල ඉන්න අසරණ මිනිස්සු ගැන බලන්න කවුරුත් නැද්ද?

:       8       51

Lalla Friday, 24 May 2024 04:54 PM

ප්‍රශ්නයට හේතුව අනවසර වගාබිම් නොවේද?

:       13       17

LakmalFriday, 24 May 2024 06:04 PM

තමුන් තණකොළද කන්නේ? වගා බිම්වල වගා කරන්නේ මිනිස්සුන්ට කන්න කෑම. ගංජා නෙමෙයි. ගංජා හේන්වලට අලි එන්නේ නෑ...

:       10       13

නිහාල් Saturday, 25 May 2024 07:58 AM

මිනිස්සු අනවසරයෙන් වගා කරන්නේ තමන්ට බිම් කඩක් නැති නිසා. හොඳම දේ ඔවුන්ට ඔබේ ඉඩමකින් කොටසක් දෙන එක.

:       1       3

Nimal 1 Friday, 24 May 2024 02:15 PM

අලි රොත්තෙම පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන, සිදුවන කාලය වැඩි ඈතක නොවේ.

:       3       28

saman Friday, 24 May 2024 02:21 PM

මේ ගොවි මහතා අලියාට වෙඩි නොතැබුවා නම් ඔහු අද ජීවතුන් අතර නැති අතර, ඔහුගේ දරු පවුල අනාථ වනු ඇත. මෙවැනි අවස්ථාවක දුප්පත් ගොවීන් අත්අඩංගුවට ගන්නා යල් පැන ගිය නීති වෙනස් විය යුතුයි...!

:       11       51

chithraFriday, 24 May 2024 11:28 PM

ප්‍රශ්නයක එකපැත්තක්‌ විතරක් බලන්න එපා, දැන් එතකොට මැරුන අලියාගේ නෝනාට , අලි පැටව්ට ..කවුද සලකන්නේ?

:       0       0

gamage Friday, 24 May 2024 02:23 PM

අලියාට කියන්න තිබ්බා අනේ ඔයා හැරිලා යන්න. අපි ඇයි රණ්ඩු වෙන්නේ කියලාද? නැතිනම් මේ මනුස්සයා මළා නම් කමක් නැද්ද? එහෙම නැතිනම් බේරෙන්න වෙන ක්‍රමයක් තිබුණද?

:       9       34

Samantha Saturday, 25 May 2024 07:45 AM

මේ ප්‍රශ්නයේදී මිනිස්සු අලින්ගේ ප්‍රදේශවල පදිංචි වෙලාද නැත්නම් අලි මිනිස්සු සිටින ප්‍රදේශයට ඇවිද්ද කියලා සොයා බලා කටයුතු කිරීම තමයි වඩාත් සුදුසු...!

:       0       0

පැරකුම් Saturday, 25 May 2024 11:00 AM

වන අලි ගම් වැදීම වළක්වන්න අකාර්යක්ෂම අලිවැට වෙනුවට වෙනත් සාර්ථක විකල්ප ඇතත් ඒවායේ කොමිස් නැත. මෙවැනි අසරණ මිනිසුන්ට කාගේ පිහිටක්ද…?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site