(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකළ අයෙක් අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසයි.
කෝකිලායි පොලීසියට අදාල බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබීය.
බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකොට ඇති අතරම බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දමා තිබියදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පෙරලුනු බුදුපිළිමයටද හානි සිදුව ඇත.
අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් මානසික ආතතියක් පෙළෙන අයෙකුද යන්න පිළිබඳව සැක සහිත බවටද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව උඩප්පු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවටද පරික්ෂණ සිදුකරන කෝකිලායි පොලීසිය වැඩිදුරටත් පැවසීය
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පිස්සෙක් බුදු පිළිමයක් පොළොවේ ගහලා
Hafeel Tuesday, 02 May 2023 12:50 PM
13 ශක්තිමත් කරනවද? එසේ නැත්නම් 13 අහෝසි කරනවද කියල රනිල් තීන්දුවක් ගත යුතුයි. ෆෙඩරල්, පොලීස්, ඉඩම් බලතලත් නොමැතිව මෙහම නම්, උතුරු නැගෙනහිරත් ඒකාබද්ධ කරල ඔය සේරම දුන්නා නම්, කොහොමද වේවි?
Always break Tuesday, 02 May 2023 03:22 PM
ඡන්දයකට ලෑස්තියි වගේ....
fairoos Tuesday, 02 May 2023 04:33 PM
ලඟදීම චන්දයක් ඒයි වගේ.
Kira Tuesday, 02 May 2023 04:43 PM
පේනවා නේද ආගම විනාශ කරන හැටි. රට වැසියනි කුමන්ත්‍රණ වලට හසුවී රාජපක්ෂ වරුන්ගේ බලය බිඳින්න එපා. ඔවුන් දෙවිවරු.
සත්ත්‍යා Tuesday, 02 May 2023 05:08 PM
බෞද්ධයෙක් වීමට පිළිම අනිවාර්යද? කොහේද එහෙම ලියවිලා තියෙන්නේ?
bamunuarachchiFriday, 05 May 2023 09:42 AM
බහුබූත කතා පැත්තකින් තියලා මාතෘකාවට කතා කොරන්න. පිළිම කඩපු එකා දෙකට කඩන්න සිංහලයෙක් හිටියේ නැද්ද?