(නිමල කොඩිතුවක්කු)
පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනිමේදී රටේ පවතින පාසල් 10,162 ක් අතරින් පාසල් 350 ක් සඳහා මේ වසරේදී කිසිදු අයදුම් පත‍්‍රයක් ලැබී නැතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සදහන් කරයි.
පසුගිය වසරේදී ද කිසිදු අයදුම් පත‍්‍රයක් නොලැබුණු පාසල් 433ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන් ස්ටාලින් මහතා මේ හේතුවෙන් වසරකට විශාල පාසල් සංඛ්‍යාවක් වැසි යන තත්වයට පත්ව ඇති බවද පෙන්වා දුන්නේය.
රටේ පවතින පාසල් 10,162 ක් අතරින් ළමයින් 50ට වඩා අඩු පාසල් 1056 ක් ඇති බවත් ඔහු සඳහන් කළේය.
කුඩා පාසල් සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙළක් නොතිබීම සහ 1016 චක‍්‍ර ලේඛයෙන් ගුරුවරුන් සීමා නොකිරීමත් නිසා කුඩා පාසල් වැසි යාමේ තත්වයකට පත්වෙමින් තිබෙන බවද ස්ටාලින් මහතා පවසයි.
එම චක‍්‍රලේඛය නැවත සමාලෝචනය කර පන්ති අනුව ගුරුවරුන් ලබා දෙන වැඩපිළිවෙළක් වෙනුවට විෂයට අනුව ගුරුවරුන් ලබාදෙන වැඩසටහනක් ක‍්‍රියාත්මක කරන ලෙසත් ඒ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘පාසල් 350 කට පළමු ශ්‍රේණියට අයදුම්පත් ලැබී නෑ’