IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාසල් සිසුන් තව ලක්ෂ 10කට දිවා ආහාරය

(ඩයනා උදයංගනී)

පාසල් සිසුන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන යටතේ තවත් සිසුන් ලක්‍ෂ 10කට පමණ දිවා ආහාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මේ වන විටත් මෙම වැඩසටහන යටතේ වාර්ෂිකව රුපියල් කෝටි 400ක වියදමින් පාසල් 7,926ක සිසු සිසුන් ලක්‍ෂ 10කට අධික සංඛ්‍යාවකට දිවා ආහාරය ලබාදීම සිදුකරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විදේශීය ප්‍රදානයන් මගින් අවශ්‍ය අරමුදල් සලසා ගනිමින් මෙම වැඩසටහන තවදුරයත් ව්‍යාප්ත කර තවත් සිසුන් ලක්‍ෂ 10කට පමණ සම්පූර්ණ පෝෂ්‍යදායී දිවාආහාර වේලක් ලබාදීම සඳහා යෝග්‍ය පියවර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි. 



අදහස් (4)

පාසල් සිසුන් තව ලක්ෂ 10කට දිවා ආහාරය

වීරවිජේ Tuesday, 04 October 2022 02:31 PM

හෑ ලක්ස 10 දීලද? කවදද? කාටද? කොහෙදිද.. උන් කියනවා අති.. ‍අපි පාර්ලිමේන්තුවේ කතු වෙමු තව ලක්ස 10 කට ආහාර දෙන්න කියල, එතකොට අපි ඉස්සෙලල් ලක්ස 10 දුන්න කියල හිතයි..

:       0       2

fairoos Tuesday, 04 October 2022 03:06 PM

මේ කෙලින පච වලට මුන්ට හෙන වදින්න ඕනේ

:       0       0

විපරමා Tuesday, 04 October 2022 03:36 PM

ආර්තික ඔස්තාර් ගේ ඔක්කොම කෙරුවාවල් කටින් විතරයි .

:       0       1

Pradeep Kumara Tuesday, 04 October 2022 04:23 PM

තමන්ගේ ආහාර ටික තමන් විසින්ම කොහොම හරි සපයාගෙන නිවහල්ව විසූ රටක මිනිස්සුන්ට පාලකයින් කළ දේක අරුමය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 306 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site