(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය.
දෙමව්පියන්ට අසාධාරණයක් නොවන අයුරින් පාසල් වෑන් රථ ගාස්තු අයකිරීමට පියවර ගන්නා ලෙස සියලුම පාසල් ළමුන් ප්‍රවාහන රථ වලින් ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කලේය.
අසාදාරණ ලෙස ගාස්තු අය කරන පාසල් වෑන් රථ ප්‍රතික්ෂේප කිරීමට පියවර ගන්නැයි දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු කීවේය.
මේ අතර රටේ පවතින ගැටුම්කාරී තත්වය සැලකිල්ලට ගනිමින් හෙට(21) දිනයේ පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු වල නිරත වන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින් සියලුම පාසල් වෑන් රථ අද දිනයේ ධාවනයෙන් ඉවත්වීමට පියවර ගත් බවත් චන්ද්‍රසිරි මහතා පැවසීය.
පාසල් වෑන් රථ ධාවනය සඳහා අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන්නේනම් සියලුම පාසල් වෑන් රථ හෙට(21) දිනයේ සිට ධාවනයට පියවර ගන්නා බවත් ඔහු තවදුරටත් කීවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට