( රංජිත් රාජපක්ෂ)
ඩිසල් නොමැති වීමෙන් හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් සහ වෑන් රථ ගණනාවක් අද (31) ධාවනයෙන් ඉවත් කරගෙන ඇත.
මස්කෙලිය, බගවන්තලාව, ගිනිගත්හේන, තලවකැලේ සහ කොටගල යන ප්‍රදේශවල සිට දිනපතා පෞද්ගලික බස් රථ සහ වැන් රථවලින් හැටන් ප්‍රදේශයේ පිහිටි රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරයි.
නමුත් අද (31) දිනයේදී ඩීසල් නොමැතිවීමේ ගැටලුව මත බොහෝමයක් බස් සහ වෑන් ධාවනය නොවු අතර ධාවනය කළ බස් සහ වෑන් රථ යළි යාමට නොහැකිව අතරමඟ නතරවීමේ තත්වයක් උදාවී ඇතැයි කියති.
ඩීසල් ගැටලුව නොවිසදුණහොත් හෙට (01) සිට සියලු වාහන නැවැත්වීමට සිදුවන බවද ඔවුහු කියති.
මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් සහ වෑන් රථ ගණනාවක් ධාවනයෙන් ඉවත් වි ඇති නිසා එම ළමුන් පොදු ප්‍රවාහන සේවා වල පාසලට පැමිණෙන අයුරු දැකිය හැකිය.
හැටන් ප්‍රදේශයේ සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල ඩිසල් ඉන්ධන නොමැති බව දැන්විම් පුවරු ප්‍රදර්ශනය කර තිබුණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාසල් බස්-වෑන් වලටත් කණකොකා හඬයි