IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසලේ පාටියේදී විනය බාර හිමිනමට හොඳටම වෙරි

(රංජිත් කරුණාවීර)

මහියංගනය මැදයායේ පාසලක විනය බාර ගුරු හාමුදුරුවන් අතුළු ගුරුවරුන් තිදෙනකු සාධයක් පවත්වා අධික ලෙස මත්වී සිටියදී සොයාගත් බව මහියංගනය පොලිසිය කියයි.

එම පාසලේ ගුරු විවේකාගාරය දෙසින් ඊයේ රාත්‍රී  දරුවකු කෑ ගසන හඩක් ඇසී ඒ සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇත.

එම අමතුමට අනුව පොලිස් නිළධාරීන් ගම්වාසීන් සමග අදාල පාසලේ ගුරු විවේකාගාරයට ගොස්   පරික්ෂා කිරිමේදී, පාසල් ගුරු නිවාසයක් තුළ හිමි නමක් හා ගුරුවරු තිදෙනකු  සාදයක් පවත්වා, දැඩි ලෙස මත්වී  සිටිනු දැක ඇත.

දරුවකු හඩන ලෙසට හඩමින් සිට ඇත්තේ අධික ලෙස මත්වී බිම වැටී සිටි හිමිනව බව ද පොලිසිය කියයි.

සිද්ධිය දුටු ගම්වාසීන් කුපිත වී එම පිරිසට ගුටිබැට දීමට සැරදෙද්දී  පොලිසිය මැදිහත් වී ඇතිවීමට ගිය උණුසුම් තත්වය පාලනය කර, ආරක්ෂාව හා ප්‍රතිකාර සඳහා අධික ලෙස බීමත්ව බිම වැටී සිටි හිමි නම, මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට කටයුතු කර ඇත.

එහිදී වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් වු හිමි නම ඒ වනවිටත් “අඩු රුධිර පීඩනයෙ“න් සිට ඇති අතර, කඩිනමින් රෝහල් ගත කිරිම හේතුවෙන් ජීවිත තර්ජනයෙන් මිදිමට හැකිව ඇත.

හිමිනම මත්වතුර බීමත්ව සිටියේද යන්න පිළිබදවද වෛද්‍ය පරික්ෂණ ද සිදු කිරිමට නියමිතව ඇත.

 



අදහස් (11)

පාසලේ පාටියේදී විනය බාර හිමිනමට හොඳටම වෙරි

සමන් Tuesday, 18 July 2023 08:52 PM

තව පොඩ්ඩෙන් ගම්මු හිරේ.

:       0       8

පැරකුම් Tuesday, 18 July 2023 10:19 PM

සිල් බිදගෙන ඇති බැවින් මොහු තවදුරටත් හිමිනමක් නොවේ. මහනායක හිමි වරු නිහඩයි.

:       2       8

de silva Tuesday, 18 July 2023 11:41 PM

මෙම චීවර ධාරියා මත්පැන් පානය කරලා තිබුනා කියලා ඔප්පු වුනොත් පින්සිද්ධ වේවි .මොහු ආයෙත් නිකායේ ප්‍රධාන සංගනායක වහන්සේලා මැදිහත් වෙලා මෙම චීවරධාරියා සසුනෙන් එලවා දමලා ශාසනය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න

:       1       8

පැරකුම්Wednesday, 19 July 2023 02:22 PM

අපේ මහනායක වරු කවදාවත් ඒ වැඩේ කරන්නෙ නැති නිසා බය නැතුව ඕන ජරා වැඩක් කරනවා. මට බලය ඇත්නම් පූජ්‍ය පක්ෂය වැටුපට රැකියා කර මුදල් ඉපයීම අත්හිටුවනවා. මහනායකවරු මෙම විනය විරෝධී ත්‍රියාවන් ගැන කිසි කතාවක් නෑ. බලන්නේ තමන්ගේ සුඛ විහරණය පමණයි.

:       0       1

Perera Wednesday, 19 July 2023 12:33 AM

හිමිනමට වෙරි .මහ නායක නිදි

:       2       7

ලුම්බිණි Wednesday, 19 July 2023 04:28 AM

සාදු සාදු සාදු

:       1       3

sasuna rakimu Wednesday, 19 July 2023 09:15 AM

ගලවපියව් සිවුර. කොන්ද ඇතිව පත්තරවල දම දම ඉන්නේ නැතිව

:       1       6

පුරවැසියෙක්... Wednesday, 19 July 2023 10:30 AM

විදුහලේ විනය බාර හිමි වෙරි මතින් වැටිලා / මහනුවර පැත්තේ අධිකරණ සංඝනායක විහාරාධිපති කෙනෙක් සරමක් ඇද , එළවළු මල්ලක්ද රැගෙන රාත්‍රී කාලයේ වඩින ගමන් අතුරු මාර්ගයක මැරී වැටිලා. මේ අහන දකින දේවල් මොනවද ? බුද්ධ ශාසනයක් ඉතිරි වේද ?

:       1       5

පැරකුම්Wednesday, 19 July 2023 02:26 PM

කලබල වෙන්න එපා ඒව බලා ගන්න මහනායකවරු ඉන්නවා.

:       0       1

Alawathuwala Wednesday, 19 July 2023 11:43 AM

සිවුර දමාගත් හුඟදෙනෙක් මත්ද්‍රව්‍ය බොනවා.. යුරෝපයේ පන්සල්වල එය සාමාන්‍ය දෙයක්...

:       0       5

පිටිගල මිලානෝ Wednesday, 19 July 2023 01:43 PM

ඇත්තටම වැඩක් තියෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site