(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදීද විවාද නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කළ ඉල්ලීමක් අනුව එම කාරක සභාව මෙම තීරණය ගත් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඒ අනුව පාසල් දරුවන්ට පාර්ලිමේන්තු සභාගර්භයේ මහජන ගැලරියේ සිට පාර්ලිමේන්තු විවාද සජීවීව නැරඹීමේ අවස්ථාව මින් ඉදිරියට හිමිවනු ඇත.
කොවිඩ් තත්වය සහ ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමා පසුගිය සැප්තැම්බර් 20 දින සිට ලිහිල් කළද පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී විවාද නැරඹීමේ අවස්ථාව මෙතෙක් හිමි නොවීය.
මේ අනුව විවාද නැරඹීමට පැමිණෙන පාසල් සිසුන් වෙනුවෙන් පාසල් බලධාරීන්ට අයදුම්පත් තමාට ලිපියක් මඟින්, ෆැක්ස් මඟින් (0112777473/ 0112777335) හෝ www.parliament.lk වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කළ හැකි බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පාසල් දරුවන්ට විවාද නැරඹීමට අවසර
ravin Saturday, 22 October 2022 11:09 AM
ඔය කරන්න හදන්නේ රටට වැඩදායී පරපුරක් බිහිකිරීමට ඇති අවස්ථාවක් නැති කිරීමයි. අවිනීත බව, දූෂණය, වංචාව, හොරකම, කප්පම් ගැනීම් වලින් පිරිච්ච අයගෙන් පිරී ඉතිරී ගියතැනකින් ඉගෙන ගත හැකිද? ඊට වැඩිය හොඳ නැද්ද ගරුපරපුර නිසිලෙස දැනුවත්කර පාසල්, කොට්ටාෂ, කලාප දිස්ත්‍රික්ක මට්ටමින් ලමා මන නිසිපරිදි මෙහෙය වීම? මේ රටට අනාගයක් අවශ්‍යයි.
Ruhunu Saturday, 22 October 2022 12:24 PM
වාසුදේව පාර්ලිමේන්තු එන එක නවත්වන්න වේවි එහෙනම්...!
බද්රානි Saturday, 22 October 2022 03:12 PM
ඇත්තෙන්ම එය අනාගත අශිෂ්ඨයින් බිහිකිරීමට හොඳ තෝතැන්නක්.
Kumar (Gulf) Sunday, 23 October 2022 12:49 AM
කුණුහරුප ඉගෙන ගන්න හා රට පාලනය කරන්නේ කොයිවගේ අමනයෝද කියා තේරුම් ගැනීමට?
ganegoda Monday, 24 October 2022 02:57 PM
අර ‘‘සෙංකෝලයෙන් ගුටි කෙළගන්න හැටි... බඩුබාහිර කඩලා, බිඳලා දාන හැටිත් පෙන්නනවද?