(යොහාන් භාසුර)
අධ්‍යාපන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අර්බුධ ගණනාවක් උද්ගතව ඇති බවත් පාසල්වල මුදල් එකතුකිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වුවහොත් කඩිනමින් පරීක්ෂණ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය වී ඇති අර්බුධ ගණනාවකට හේතුව ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හා දේශපාලන මැදිහත් වීම් බවත්, විවිධ හේතුන් මත පාසල් තුළ සිදුකරන මුදල් එකතු කිරීම් පිලිබඳ කඩිනම් පරීක්ෂණ කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කීවාය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශන කාරක සභාවේ පළමු සැසිවාරයේ මතු වූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ සඳහන් කළාය.
2026 ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය විෂය නිර්දේශ හදුන්වාදීම, මානව සම්පත සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද ජනතාව දැනුවත් කිරීම, තක්සේරුව සහ ඇගයීම යන සැලසුම් කර ඇති බව මෙහිදී අග්‍රාමාත්‍යවරිය පැහැදිළි කළාය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පාසල්වල මුදල් එකතු කරනවා නම් දන්වන්න
Pradeep Kumara Friday, 07 March 2025 05:28 PM
මුදල් එකතු කිරීම් තවමත් බහුලව සිදුවෙනවා. දන්වන්න පුළුවන් දුරකතන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද?
මැක්ස් Friday, 07 March 2025 05:34 PM
ලොකු වැඩ ඕනෑ නැහැ ඇමැතිණිය, මේ අභියෝගය බාර ගන්න. පුළුවන් නම් ටියුෂන් කෙරුවාව නතර කරන්න..
JtFriday, 07 March 2025 07:18 PM
ඇයි ටියුෂන් නතර කරන්නේ? කරන්න ඕනේ පාසලේ අධ්‍යාපනය ගුණාත්මකව සංවර්ධනය කරන එක. එතකොට ළමයි ටියුෂන් වලින් ඈත්වෙලා ඉස්කෝලෙට ලන්වෙයි. එතකොට සාධාරණව හරියට ටියුෂන් කරන අය ඉතුරුවෙලා අනිත් අය ඉබේම ඉවත්වෙලා යයි.
Deshabandu Saturday, 08 March 2025 11:30 AM
වත්තල පැත්තේ ප්‍රසිද්ධ පිරිම පාසලකත් මෙහෙම වෙනවාලු
ඩබ්ලිව් එම් එච් විජේරත්න Saturday, 08 March 2025 07:47 PM
සමහර පාසල්වල ඉගෙනගන්න ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නෑ. ගුරුවරු කරන්නේ රැකියාවක්. ඒ කියන්නේ මාසික වැටුප ලබාගැනීමේ චේතනාවෙන් කරන දෙයක්. එයාලාට දරුවන්ට මොනවා වුණත් කමක් නෑ. ගුරුවරු හැමෝම මෙහෙම අය නෙමෙයි. හොඩාක් හොඳ ගුරුවරු ඉන්නවා. මේ කියන විදියේ පාසල්වල බොහෝමයක් ගුරුවරු දරුවන්ට නිවැරැදි අධ්‍යාපනයක් දෙන්නේ නැහැ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනගන්න ළමයින්ව පාසලේ ශාලා පහසුකම් නැහැ කියලා, සිංහල මාධ්‍යයෙන් ඉගෙනගන්න ළමයින් සමඟ එකට මිශ්‍ර කරලා, දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම විනාශ කරලා දමනවා. කරන්න අවශ්‍ය ඒක නෙමෙයි. දරුවන්ට ඉංග්‍රීසි හොඳින් කියලා දීලා, එක ශ්‍රේණියකට අදාලව තිබෙන ඉංග්‍රීසි මාධ්‍ය පංති ගණන වැඩිකරලා. දරුවන්ව ජාත්‍යන්තර භාෂාව සමඟ සමීප කරන එකයි. ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න සියලු දරුවන්ට පාසලෙන් නිසි අධ්‍යාපන ලැබෙන්නේ නැති නිසා ටියුෂන් පංති වලට සහභාගී වෙලා ටිකක් දැණුම ලබාගන්නවා. ඒකත් නැති වුනොත් දරුවෝ ඉවරයි. ඒ නිසා ගරු අග්‍රාමාත්‍ය තුමියගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දරුවන්ට පමණක් නෙමෙයි වැඩිහිටියන්ටත් ක්‍රමාණුකූල ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදෙන්න කියලා. ඔබ සැමට ස්තූතියි...!
Chinthaka Sunday, 09 March 2025 12:19 PM
හරිනි මැඩම් මේ දවස් වල මුදල් එකතු කිරීමේ ප්‍රශ්නය නිසා සේවා පහසුකම් ගාස්තු එකතු කරන්නෙත් නෑ. එක නම් එකතු කරකවන්න ඕනෑ. ඒවලින් තමයි පාසල් ආරක්ෂක අංශය, විදුහලේ විදුලි බිල් ගෙවන්න ග්‍රාමීය පාසල් වල, විදුලි විසංධි කිරීම වළක්වා ගැනීමට ක්‍රම සකස් කරන්නේ...