(රංජන් කස්තුරි)
ජාතික ජල සම්පාදන මණ්ඩලය පාසල්වලට ජල බිල්පත් නිකුත් කිරීම හේතුවෙන් විදුහල්පතිවරුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර ඇතැම් පාසල්වල ජල සබඳතා අත්හිටුවන බවට අවසන් නිවේදන නිකුත් කර ඇතැයි ලංකා ගුරු සංගමයට චෝදනා කරයි.
ජල සම්පාදන මණ්ඩලය මෙතෙක් පාසල්වලින් ජලගාස්තු අය නොකළ අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට ගාස්තු අය කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන බව ද ලංකා ගුරුසංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
පාසල්වල ජල සබඳතා අත්හිටුවහොත් දරුවන්ට බීමට ජලය නොමැතිවීමෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුවන බව ද ඔහු කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පාසල්වලට අවසන් නිවේදන
මොට්ටපාල Wednesday, 19 October 2022 05:55 PM
කවුරු කොහොම තීරණ අරගෙන තිබුණත් මම විදුහල්පති කෙනෙක් නම් සේවය අහිමිවුණත් ජල මණ්ඩලයේ කිසිවෙකුගේවත් දරුවන්ට පාසලට එන්න දෙන්නේ නැහැ. ඇයි මණ්ඩලයේ වැඩකරන අයට මෙහි වැරැද්ද පෙන්වා දෙන්න බැරි? මණ්ඩලයේ නිලධාරින් හා සේවකයින් මානුෂික හැඟීමක් නැති අයද?
Prase Wednesday, 19 October 2022 06:10 PM
කිසිම දෙයක් නිකන් දෙන්න එපා.. අනිවාර්යයෙන් බිල් කරන්න. අවුරුදු 74ක් දීලා අධ්‍යාපනය බිහිවුණ හොරු ටිකක් විතරයි. ජනතාව හිඟන්නන් වුණා. ජනතාවගේ බදුමුදල්වලින් ඉගෙන ගෙන ඔවුන්ගේ v8 ගත්තා. අන්තිමට v8 වල යන අයගේ දෙමව්පියන්ට කන්න දෙන්න වෙලා තියෙන්නේ කුලී වැඩක් කරන මනුස්සයාගේ බදුමුදල්වලින්... රජයේ සේවකයෝ කියන්නේ පඩිය විතරක් වැඩිකරගන්න ඉන්න අය...
චන්දන Wednesday, 19 October 2022 07:46 PM
මේ කියන විදියට ස්කොලේ ඉන්න ගුරුවරුද වතුර බිල ගෙවන්න ඕනෑ. පිස්සු කතාවක්. පාසල් සංවර්ධන ගිණුමෙන් සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ ගිණුම ට සල්ලි ආණ්ඩුව දෙන්නේ නැතිනම් සිසුන්ගෙන් පාසල් සංවර්ධන සමිති ගාස්තු වලින් තමා පිරවෙන්නේ... දැනට අය කරන මුදල් ප්‍රමාණවත් නැතිනම් එම ගාස්තු වැඩි කරන්න වෙනවා. අන්න එදාට කෑගහලා වැඩක් නැහැ. ස්කොලෙට සල්ලි ගන්නවා කියලා...