IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාසලක් අසල ගංජා-මත්පෙති අලෙවි කළ අයෙක් මාට්ටු

(කේ බුද්ධික කුමාරසිරි)


පාදුක්ක නගරයේ පිහිටි ප්‍රධානතම පාසලක් අසල කුලී පදනම මත ලබා ගත් නිවසක සිට ගංජා සහ මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයකු ගංජා සහ මත්පෙති තොගයක් සමගින් අද (25) දින අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

පොලිස් විශේෂ කාර්‍යංශය බුද්ධි නිළධාරීන් ගේ තොරතුරක් මත විශේෂ කාර්ය බලකා මූලස්ථාන කදවුරේ වැටලීම් අංශය මගින් මෙම වැටලීම සිදු කර ඇත.

අත් අඩංගුවට ගත් සැකකරැ  සතුව තිබී ගංජා කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 170 ක් සහ පාසල් දරැවන්ට අලෙවි කල බවට සැක කරන මත් පෙති සියයක් ද සොයා ගැනීමට හැකි ව ඇත.

අත් අඩංගුවට ගත් පාදුක්ක මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි සැකකරැ  අවස්ථාව කිහිපයකදී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව ඇති බවත් එම බලකාය පවසයි.

එමෙන්ම සැකකරැ විසින් හෝමාගම ඉංගිරිය පාදුක්ක අතුරැගිරිය හොරණ ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව ඇති බවට අනාවරණය වූ බවද පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරීන් පැවසූහ.

අත් අඩංගුවට ගත් සැකකරැ  වැඩිදුර විමර්ශන සදහා පාදුක්ක පොලිසිය වෙත භාර දී ඇති අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ  .

 



අදහස් (0)

පාසලක් අසල ගංජා-මත්පෙති අලෙවි කළ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site