IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක්

(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන්ගේ තත්වය පිළිබඳව 2016 අංක 12 දරණ තොරතුරු දැන ගැනිමේ අයිතිවාසිකම් පනත අනුව කරන ලද තොරතුරු ඉල්ලීමකදී ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ  වැඩබලන අධ්‍යක්ෂ  වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මේ බව සඳහන් කර තිබේ.

එම තොරතුරුවලට අනුව 2023 වසරේදි ලාදුරු රෝගීන් වැඩියෙන්ම හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 259 ක් වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන්  රෝගීන් 168 ක්,  කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්  116 ක්  සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 80 ක්ද හඳුනා ගෙන තිබේ.

 2019 වසරේදී ලාදුරු රෝගීන් 1660 ක්  2020 දී රෝගීන් 1213 ක්, 2021 වසරේදී රෝගීන් 1026 ක් ,2022 වසරේදි රෝගීන් 1401 ක් සහ 2023 වසරේදි රෝගින් 1550 ක් වශයෙන් හඳුනා ගෙන ඇති බවත් එම තොරතුරුවල සඳහන් වෙයි.

ලාදුරු මර්දන ව්‍යාපාරය පවසන ආකාරයට 2023 වසරේදී සැප්තැම්බර් මාසයේදි පමණක් ලාදුරු රෝගීන් 175 දෙනෙකු හඳුනා ගෙන තිබේ.  

කෙසේ නමුත් එම ව්‍යාපාරය පවසන්නේ රෝගීන්ගේ වැඩි වීමක් පෙන්නුම් කළද එය රෝගය ව්‍යාප්ත විමේ වැඩිවිමක් නොව සැඟව සිටින රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්‍රියාත්මක ව්‍යාපෘති නිසා එම රෝගීන් හඳුනා ගැනීම නිසා සිදු වන්නක් බවයි.

 



අදහස් (0)

පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site