(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 05 දෙනකු සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් පවත්වන ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාරව එම සැකකරුවන් මාස තුනක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට අද (30) අවසර දුන්නාය.
ඒ අනුව මෙලෙස රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ (රක්ෂිත බන්ධනාගාර ගතව සිටි) කාන්තන්කුඩි පදිංචි ආදම් ලෙබ්බේ අහ්මද් අර්හම්, මුහම්මුදු රපීක් රිස්පාන්, මුහම්මදු මොහොම්දීන් මුහම්මදු රිස්වාන්, අබ්දුල් අසීස් රියාසත් සහ මඩකලපුව පදිංචි ආදම්බාවා යාකුම් නැමැත්තන්ය.
අන්තවාදී ත්‍රස්ත්‍රවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව ඊට අධාර අනුබල ලබාදී ඇතැයි සදහන් කරමින් මෙම සැකකරුවන් පස් දෙනා කාත්තන්කුඩි පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2019 වර්ෂයේ මැයි මස 11 වැනිදා බවත්, පසුව අධිකරණයෙන් මොවුන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධීකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
මොවුන් සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් ආරම්භ කරන ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප්‍රකාරව බන්ධනාගාරයට ගොස් මොවුන් පස් දෙනා ඊයේ (29) අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පාස්කු සැකකරුවන් පහකගෙන් යළි ප්‍රශ්න කරයි