(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ‘කුමන්ත්‍රණයක්’ බවට හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා කළ ප්‍රකාශය හේතුවෙන් හිටපු නිතිපතිවරයා මහජන කැළඹීමක් ඇතිකිරීමට ප්‍රධාන වගකිවයුත්තා බවත්, පාස්කු ප්‍රහාරය ඇතිකිරීමේ ප්‍රධාන වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන මහතා බවත් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා අද (19) ප්‍රකාශ කළේය.
හිටපු නිතිපතිවරයා විශ්‍රාම යෑමට මාස දෙකකට පෙර මෙම ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතුව ඇතැයි ද ජනාධිපති නිතීඥවරයා සදහන් කළේය.
සිය සේවා දිගුව දීර්ඝ නොකිරීම හේතුවෙන් හිටපු නිතිපතිවරයා උරණවී එවැනි ප්‍රකාශයක් සිදුකිරීම නිතිපතිවරයකුට නොගැලපෙන ක්‍රියාවක් බවත්, සිය තනතුරේ වසර දෙකක් පමණ ගත කර විශ්‍රාම ගනිද්දි එවැන්නක් ප්‍රකාශ කිරීම නින්දිත ක්‍රියාවක් බවත් ජනාධිපති නිතීඥවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති නිතීඥවරයා මේ බව සදහන් කළේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ (19) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. මෙම මාධ්‍ය හමුව සදහා ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා සමඟ ජනාධිපති නිතීඥ යූ. ආර්. ද සිල්වා මහතා ද සහභාගී වී සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද එරෙහිව හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා විසින් අධිචෝදනා ගොනු නොකළේ මන්දැයි ගැට`ථවක් බව ජනාධිපති නිතීඥ යූ. ආර්. සිල්වා මහතා මෙහිදී පැවසීය.
නොසැලකිලිමත්කම යනු සිවිල් වගකීමෙන් එහා ගිය එකක් බවට සාක්ෂි ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට රටේ නිතිපතිවරයා බැදී සිටින බවද ජනාධිපති නිතීඥවරයා සදහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා මෙසේද ප්‍රකාශ කළේය.
“පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ නඩු වාර්තාවේදී නිලන්ත ජයවර්ධන මහතා සාක්ෂි දෙමින් කියා සිටියා ඔහුට අප්‍රේල් 04 වැනිදා ඉන්දියාවේ බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුර තොරතුරක් මිස එය බුද්ධි තොරතුරක් නොවෙයි කියලා. ඔහු කියනවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට සහ පොලිස්පතිවරයාට අප්‍රේල් 07 වැනිදා මේ සම්බන්ධයෙන් ලියුම් යොමු කළා කියලා. ඔහු කියනවා මේක බුද්ධි තොරතුරක් බවට පත්වුණේ අප්‍රේල් මස 20 වැනිදා සවස 4.22ට ලු. ඔහු බැරිවෙලාවේවත් මේක කියලා ගැහැව්වේ නැත්නම් ඔහුට ගෙදර යන්න වෙනවා කියලා ඔහු කිව්වා. එක රාජ්‍ය නිලධාරියෙක්ගේ වරදක් නිසා අපේ රටේ ජීවිත 200 ගානක් නැති වුණා. 500කට වැඩිය මිනිස්සු තුවාල කාරයෝ වුණා. මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන. ඔහු තමන්ගේ රැකියාව බේරගන්න තමයි කටයුතු කරලා තියෙන්නේ.”
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තා ගැන ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් කියයි
anta Wednesday, 20 April 2022 09:59 AM
වෛර පිරිමහනවා, බුද්ධි අංශ පසුබිමෙන් ක්‍රියාත්මක වන ආයතන, තොරතුරු දෙන ආයතන. මහජනතාව නොමග යවනවා.
විපුල Wednesday, 20 April 2022 10:47 AM
ලංකාවෙ පොලීසියට මේක හොඳ පාඩමක්, දේශපාලකයො අවු 5න් යයි, හැබැයි අනීතික නියෝග ක්‍රියාත්මක කරාම ඒවට මුහුනදෙන්න වෙන්නෙ තනියම.