(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 3ක් ගතවුවත් ප්‍රහාරයෙන් මිය ගිය සහ ඉන් බලපෑමට ලක්වූ වින්දිතයන් හට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ඉතාලියේ වතිකාන් කාදිනල් ප්‍රියෙට්‍රෝ පැරලින් උන්වහන්සේ වෙත කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඉතාලියේ වතිකානයේදී අද(20) පස්වරුවේ උන්වහන්සේ බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් උන්වහන්සේට කරුණු පැහැදිලි කර දී සංදේශයක් භාරදීමට කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා කීවේය.
එහිදී ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලනිකමය සහ ආර්ථිකමය අර්බුදය පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බව ඔහු පැවසීය.
ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව ජනසතු කර එහි තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, අපක්ෂපාතී නිර්පාක්ෂික පරීක්ෂණයක් ක්‍රියාත්මක කිරීමත්, රටේ තිබෙන නීති රාමුව තුළ නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඬුවම්දීමත් යන කාරණා පිළිබඳව දීර්ඝ වශයෙන් උන්වහන්සේ සමග සාකච්ඡා කළ බවත් ජයවර්ධන මහතා කීවේය.
පාස්කුදා ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කරන බවට පවසා බලයට පත් වූ ආණ්ඩුව වසර දෙකක් යනතෙක් මේ සම්බන්ධයෙන් කිසිවක් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් එහිදී කරුණු පැහැදිලි කළ බවත් ජයවර්ධන මහතා කීවේය.
රටේ පවතින ආර්ථිකය ගොඩගැනීමට අවශ්‍ය කරන මගපෙන්වීම සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දියන්ට සාධාරණත්වය ඉෂ්ට කිරීම සඳහාද වතිකානුවේ අවධානය යොමු කිරීමේදී උන්වහන්සේලාගේ සහයෝගය සහ මගපෙන්වීම බලාපොරොත්තු වෙන බව මෙහිදී ප්‍රකාශ කළ බවත් ඔහු පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කු ප්‍රහාරය ගැන කාවින්දගෙන් වතිකානයට සංදේශයක්
SUNIL MILANO Thursday, 21 April 2022 11:39 AM
කොහොමත් මේ අය කරන්නේ චීත්තයක් ඇඳගෙන කේලම් කිය කියා ලෝකේ වටේ යන එක තමයි.මහ එක්කෙනාටත් ඒ වගේම තමයි .මවුබිමේ පාපයට උපන් මිනිස්සු
nishaThursday, 21 April 2022 12:53 PM
චීත්තයක් ඇඳගෙන ඉන්නේ කවුද කියලා කණ්ණාඩියක් ගාවට ගියාම බලාගන්න...
වීරවිජේ Thursday, 21 April 2022 02:20 PM
මාස 6ක් විතර ඇමතිලා වෙලා හිටියා නේද..? හිනා වෙවි...!
hira Friday, 22 April 2022 01:15 PM
පල්ලියට ඇවිල්ලා පුපරවාගන්නකන් මෙයා හිටපු ආණ්ඩුව බුදියගෙන හිටියා.