(ඉන්දිකා රාමනායක)
2019 වසරේ අප්‍රේල් 21 පාස්කු පාස්කු ඉරුදින අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මියගිය පිරිසගේ මළ සිරුර කොටස් හෙට (27) ඩී එන් ඒ පරීක්ෂණයක් සදහා යළි අම්පාර පොදු සුසාන භූමියේ දී ගොඩගැනීමට නියමිත බව පොලිසිය කියයි.
කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමදු හස්තූන් යන අයගේ බිරිඳ පුලිස්තනී මහේන්ද්‍රන්ගේ හෙවත් සාරා ජෙසිමීන් නැමැත්තියගේ මළ සිරුර කොටස් එම සිරුර කොටස් අතර ඇති යන්න හදුනා ගැනීම සදහා ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කිරීමට මෙම සිරුරු ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
පාස්කු ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැකකරුවන සහරාන් හසීම් නමැත්තාගේ සොහොයුරා වු මොහොමඩ් රිල්වාන් නැමැත්තා විසින් 2019.04.19 දින රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගැනීමෙන් ළමුන් ඇතුලු 17 දෙනෙකු මියගොස් තිබුණි.
පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශන වලදී සාරා ජෙස්මින් නැමැත්තිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.
මරාගෙන මැරෙන බෝම්බය පිපිරීමෙන් මියගිය පිරිස අතර සාරා ජෙන්ස්මීන් සිටියේ ද යන්න නිස්චිත වශයෙන් හදුනා ගැනීම සදහා මෙම පරීක්ෂණ සිදුකර නියමිතව ඇත.
මෙම සිරුර කොටස් ඩි එන් ඒ පරීක්ෂණයට යොමුකරන තෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර කළ පරීක්ෂණ දෙකකදී පුලිස්තිනී මහේන්ද්‍රන්ගේ හෙවත් සාරා ජෙසිමීන් නැමැත්තියගේ සිරුර කොටස් එහි තිබෙන බවට අනාවරණ්‍ය නොවු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මේ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරය මත සිරුර කොටස් නැවත ගොඩගෙන තෙවනවරට ෘභ් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.
මෙම සිරුර කොටස් ගොඩ ගැනීම අම්පාර මහේස්ත්‍රාත්තුමිය ඉදිරියේ සිදුකරන බවත්, මේ සම්බන්ධයෙන් මුල් කාලයේ විමර්ශන සදහා සහභාගි වු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, සහ පෙර විමර්ශන කළ සියලු පොලිස් නිලධාරීන් ද , සහභාගි වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරත් කියා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාස්කු ප්‍රහාරකයින්ගේ සිරුරු ගොඩට
Rocky Wednesday, 27 April 2022 06:22 AM
මෙච්චර කල් බලන් හිටියේ ඇයි? මේක තවත් ජිල්මාර්ට් එකක් වගේ... බොරු පරීක්ෂණයක් කරලා දැන් කියාවි වෙන එකක්...