IMG-LOGO

පවුල් කන්න ණය අරන් ජනතාව අවදානමේ

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය අද (03) ප්‍රකාශ කළාය.

නිශ්චිතව මෙරට ජනතාවගෙන් සියයට 33.4 ප්‍රමාණයක් ණය හේතුවෙන් අවදානමට ලක්ව තිබෙන බවත් ඒ හේතුවෙන්  අහිමිවීම් වලට මුහුණ දෙන බවත් ඇය පැවැසුවාය. එලෙස අවදානමට ලක්වූ ජනතාව අතර ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සඳහා ණය ලබාගත් අයද සිටින බවත් ඔවුන්ට ලබාගත් ණය හේතුවෙන් වත්කම් ඉක්මනින් අහිමිවීමේ අවදානමට ලක්ව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

මෙම කරුණු එක්සත් ජාතීන්ගේ 2023 බහු අවදානම් දර්ශකයේ සඳහන් වන බවත් කීපවතාවක් තමන් මෙම කරුණු මතක් කරදී තිබෙන බවත් කුබෝටා මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලාංකික ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් පැති කීපයක් ඔස්සේ අවදානමට ලක්ව තිබෙන බව එහි සඳහන් වන බව ඇය ප්‍රකාශ කළාය.

ඉහළ ගොස් ඇති ජීවන වියදම වැනි කරුණු සළකා බැලීමේදී වර්තමානයේ මෙරට ජනතාව පීඩා විඳින ණය ගැටළුව තවත් දැඩිවී තිබීමට හොඳ හැකියාවක් තිබෙන බවද ඇය පැවැසුවාය. මූල්‍ය තීරණ ගැනීමට සහ ණය ගැටළුව කළමනාකරණය කර ගැනීමට ණය ලබාගත් ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන් කාන්තාවන් තුළ ප්‍රමාණවත් මූල්‍ය සාක්ෂරතාවක් නොමැති වීම ණය ගැටළුව උග්‍රවීමට ප්‍රධාන ගැටළුවක් බව ප්‍රජාව සමග  සාකච්ඡා කිරීමේදී පෙනී ගියේ යැයි කුබෝටා මහත්මිය ප්‍රකාශ කළාය.

ණය තිරසරභාවය ඇති කිරීම සඳහා බහු ආකෘතික විසඳුම් අවශ්‍ය බව ඉන් පෙනී යන බවත් පවුල් මට්ටමින්ද ණය තිරසරභාවය ඇතිවිය යුතු බවත් එහිදී ඇය පෙන්වා දුන්නාය. ඒ හේතුවෙන් ණය ආශ්‍රිතව මෙරට ජනතාව මුහුණ දෙන අවදානම් තත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගෙනයන ණය කළමනාකරණ උපායමාර්ග, මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ ජීවනෝපායන් විවිධාංගීකරණය කිරීම වැනි ක්‍රියාමාර්ගයන්ට සහායවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට හැකිවීම පිළිබඳව සතුටට පත්වන බවද ඇය ප්‍රකාශ කළාය.

පසුගිය වසරේ මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම දියත් කිරීමෙන් පසුව ත්‍රෛ භාෂා මූල්‍ය සාක්ෂරතා මොඩියුල, ඉගෙනුම් උපාකාරක පොතක් සහ උපදේශන වීඩියෝ පට මාලාවක් නිර්මාණය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා මහ බැංකුවට සහාය ලබාදුන් බවද ඇය පැවැසුවාය.

තරුණ ප්‍රජාවගේ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතුළුව මෙම මුලපිරීම ආරම්භ වූ බවද ඇය ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සාක්ෂරතා උපදේශන කඳවුරට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියද එකතුවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවද ඇය පැවැසුවාය.

මූල්‍ය සාක්ෂරතා විෂය නිර්දේශය එළිදැක්වීමට, උපදේශන වීඩියෝපට මෙන්ම මූල්‍ය සාක්ෂරතා වැඩසටහන සඳහා සුදුසුකම් ලත් පුහුණුකරුවකු හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේදී අද (03) පැවැති උත්සවයේදී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය මෙම අදහස් පළ කළාය.



අදහස් (2)

පවුල් කන්න ණය අරන් ජනතාව අවදානමේ

chanika Thursday, 03 July 2025 02:52 PM

පව් ඉතින් ඒ මිනිස්සු , ආණ්ඩුවට වගේ ණය අරන් රටේ ඉන්න මිනිසුන්ගේ ඇඟේ ගහන්න බැහැනේ ,තමන්ම ගෙවන්න ඕනේ

:       1       24

යෝගා ඩෝබි Thursday, 03 July 2025 02:53 PM

අපි තාම වැල් පාලමෙන් එගොඩ වෙන ගමන්. 2048 වෙන කල් ඉන්නවලා

:       9       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 313 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 798 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site