(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් සියයට 33 කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා ) තොරතුරු අනාවරණයවී ඇත.
මෙයට අමතරව ඊට සමාන පවුල් ප්‍රමාණයකට සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු වුවද ඒ ප්‍රතිලාභය මෙතෙක් හිමිවී නොමැති බව කෝපා කමිටුව පවසයි.
මුළු දිවයිනම ආවරණය වන පරිදි 2015 සිට 2017 දක්වා කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. සංඛ්‍යාත්මකව පවුල් 449,979 ක් සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් කළ යුතු බව එම කමිටුවේ දී සඳහන්විය.
සමෘද්ධිලාභීන් තෝරාගැනීම් කිරීමේදී අවිධිමත් ස්වභාවයක් නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (25)වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පවුල් සියයට 33ක් හොරට සමෘද්ධිය අරන්
සනත් බණ්ඩාර Friday, 28 April 2023 11:31 PM
රජයේ සේවකයින්ට හැර අනිත් ඕනෑම කෙනෙකුට සමෘධි සහනාධාරය ගන්න අවස්ථාව තියෙනවා. කඩවල්, ලොරි, බස් තියෙන සමහර බිස්නස් කාරයොත් සමෘධි ගන්නවා.
sam Saturday, 29 April 2023 07:46 AM
අනිවාර්යයෙන්ම, මයිනලාට ආවඩන අයගේ පක්ෂයේ අයට මේ ප්‍රතිලාභ හොරට අනුමත කරලා ඇති. ඒ ගමන්ම බලන්න සුනාමි හොරාත් සමෘධි ප්‍රතිලාභ හොරට අරගෙනද කියලා. මොකද මයිනලාගේ පවුල්වලට ගෑවුණු හැම කෙනාම අහුවුණු දේ හොරාකනවා.
Piyal weerasinghe Saturday, 29 April 2023 07:54 AM
මේ රටේ වැඩි හරියක් සමෘධිය ගන්නේ යමක් කමක් තියෙන අය. අහිංසක අයට දෙන්නේ නැහැ. දේශපාලන බලවතාගේ හෙන්චයියන්ට...
විනෝද්‍යා Saturday, 29 April 2023 04:22 PM
සමහරක් එවුන්ට නගරයේ කුලියට දුන්නු කඩ තියෙනවා. ඒවායේ අයිතිය තියෙන්නේ එකෙකුගේ නමට, විදුලිය බිල් තියෙන්නේ තවත් එකෙකුට කඩේ කරන්නෙ තවත් කෙනෙක්... ඉතින් නිවැරැදි අයිතිය කාටද සොයන්න බැහැ. ඒ වගේම විවිධ පැතිවලට අයත් වාහන අයිතිය මාරු නොකර පාවිච්චියට ගන්නවා. නැත්නම් කුලියට ගත් නිවසේ ලිපිනයට ලියාපදිංචි කර ආදායම් සඟවා සමෘධි ආධාර ගන්නවා. විධිමත් සංගණනයක් මගින් රටම පරීක්ෂාකර නියම තත්වය සොයන්න ඕනෑ..
Lalla Saturday, 29 April 2023 07:45 PM
සමෘද්ධිය අහෝසිකළ යුතුයි. පුද්ගලික වැඩකරන හෝ ආයෝජනය කරන ජනයාගේ ආදායමෙන් බදුගහලා නිකමුන්ට දීම සාධාරණී කරණය කිරීමට පුළුවන්ද...?