(එස් .ඩි .කොඩිකාර )
මොරවක වෙලේවත්ත ,ගොපළුගල ප්‍රදේශයේ අන්සතු ඉඩමක පුවක් කැඩීමට ගිය අයෙකු පුවක් ගසක් කඩා බිමට වැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි මොරවක පොලිසිය පවසයි .
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙලේවත්ත ,ගොපළුගල ,අලපාලාදෙනිය ,මොරවක ලිපිනයේ පදිංචි (32) හැවිරිදි කංකානම්ගේ චමිල් තාරක නැමැති දෙදරු පියෙකු බව පොලිසිය කියයි .
මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයට යාබදව පස් කණ්ඩියක් අයිනේ තිබූ පුවක් ගසක පුවක් කැඩීමට පුවක් ගසට නැඟ ඇති මේ පුද්ගලයා ගසේ මැදට කොටසට යාමේදී ගස කඩා වැටී ඇති අතර ඉන් පසු මොහු ගසෙන් බිමට පැන ඇති අතර ඉන් පසු ඔහු තුවාල ලබා 1990 සුව සැරිය ගිලන් රථ සේවයෙන් මොරවක රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බව පොලිසිය කියයි .
මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (24) මොරවක රජයේ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුවක් ගසෙන් මාරයා එයි