IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පැල් රකිද්දි වල් අලි පහරදී ගොවියෙක් මරුට දෙකකට තුවාල

(සිරිපුර මදුශානි අබේසිංහ සහ නිමල් ජයරත්න)

දිඹුලාගල බදනාගල  වෙල්යායක ගොයම වල්අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට පැල් රකිමින් සිටි ගොවියන්  තිදෙනකු වල් අලියකු පහරදීමෙන් එක් ගොවියකු මියගොස් අනෙක් දෙදෙනා තුවාල ලබා පොලොන්නරුව සහ දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බව සිරිපුර පොලිසිය පවසයි,

මෙම වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ අනුරාධපුර තඹුත්තේගම  පදිංචිව සිටි එම්. ජී. ජයරත්න යන 52 වියති දෙදරු පියකු බව පරීක්ෂණ සිදුකරන සිරිපුර පොලිසිය කියයි.

ඔහු ඇල්ලේවැව ඥාති නිවෙසකට පැමිණ තවත් දෙදෙනකු සමඟ පැල් රැකීමට ගිය අවස්ථාවේදී මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය පවසයි.

වන අලියා පහරදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනාට වන අලියා පහරදීමෙන් පසු ඔවුන් දිව ගොස් දිවි බේරාගෙන තිබෙන බව පොලිසිය සඳහන් කරයි,

වන අලි ප්‍රහාරය සිදු වනවිට ඔවුන් තිදෙනා එකම පැල්පතේ පැල් රකිමින් සිට ඇත, අලි ප්‍රහාරයෙන් තුවාල ලබා පොලොන්නරුව සහ දෙහිඅත්තකණ්ඩිය රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ ලබන්නේ අවුරුදු 28ක සහ 58ක බදනගල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බව සිරිපුර පොලිසිය කියයි.  



අදහස් (1)

පැල් රකිද්දි වල් අලි පහරදී ගොවියෙක් මරුට දෙකකට තුවාල

පැරකුම් Sunday, 16 July 2023 11:09 AM

මොකක්ද මේකේ තේරුම? රටවල් සත්තුන්ටයි අමන පාලකයින්ටයි, එන්ජීඕ කාරයින්ටයි බාරදීලා අසරණ මිනිස්සුන්ට රට ඇරලා යන්නයි වෙන්නේ…!

:       15       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site