(සුජිත් හේවාජුලිගේ )
ජල බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 60 දෙනකුගේ ජල සැපයුම විසන්ධි කිරීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇත.
මෙම දේශපාලකයන් ගෙවීම පැහැර හැර ඇති ජල බිල්පත්වල මුළු වටිනාකම රුපියල් කෝටියකට වැඩිය.
ජල බිල මෙසේ ගෙවීම පැහැර හැර සිටින පිරිසට ඇමැතිවරු මන්ත්‍රීවරු සහ හිටපු මැති ඇමැතිවරුද ඇතුළත් වෙති.
මීට අමතරව ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන් පිරිසක් පිළිබඳවද මණ්ඩලයට තොරතුරු අනාවරණයවී ඇත.
විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර සිටින විශ්‍රාමික මැති ඇමැතිවරුන්ගේ එම හිඟ මුදල් විශ්‍රාම වැටුපෙන් අයකර ගැනීමේ හැකියාව පිළිබඳවද සොයා බලා ගෙන යන බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවද ඔහු කීවේය.
මේ අතර දිවයින පුරා ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට ගෙවීම පැහැර හැර ඇති මුදලේ වටිනාකම රුපියල් කෝටි 700 දක්වා ඉහළ නැග ඇතැයි වාර්තා වේ.
රට පුරා සිටින සමස්ත ජල පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 28 කි.
මින් පාරිභෝගිකයන් ලක්ෂ දහයකට වැඩි පිරිසක් සිය ජල බිල්පත් ගෙවීම( විවිධ ප්‍රමාණවලින්) පැහැර හැර ඇතැයි මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
437
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලු තැබූ දේශපාලකයන් 60කගේ වතුර කැපෙයි
fickmich Sunday, 21 August 2022 01:05 PM
වතුර හැරෙන්න වෙන කපන්න දෙයක් හම්බඋනේම නැද්ද ? කාටද මෙ කට්ට කයිරාටික නරි නාටක ?
විපරමා Sunday, 21 August 2022 02:42 PM
අනිවාර්යයෙන්ම අයකර ගත යුතුමයි. දේශපාලකයෝ මොනතරම් ගසාකාලා හම්බකරගන්න ඇත්ද? රටේ නීතිය කාටත් පොදුයි.
ලලිත් අම්බලන්ගොඩ Sunday, 21 August 2022 04:44 PM
වතුර නොවෙයි කපන්න ඕන ඕකුන්ගෙ....................
dhamneth Sunday, 21 August 2022 04:46 PM
දේශපාලඥයෝ අනාගන්නව නාගන්නව වැඩියිනෙ. ඒ නිසා ඒ ඇත්තන්ගේ වතුර බිලත් වැඩියි. නමුත් කලට වේලාවට බිල ගෙවා රටට ආදර්ශයක් දිය යුතුයි.
Nihal Harischandra Sunday, 21 August 2022 09:45 PM
ඇති දැන්වත් මණ්ඩලයේ මොලේ පෑදුණා. සාමාන්‍ය ජනතාව බහුතරයක් කලට වෙලාවට බිල් ගෙවනව. හොඳ ම දේ මාස තුනක් නොගෙවා පැහැර හරින අයගේ ජල සැපයීම කපාහරින්න පියවර ගන්න.
APerera Monday, 22 August 2022 07:43 AM
වතුර කපන්න යන අය, කපලා එයිද, නැත්නම් කාලා එයිද කියලා බලමු. අනික, දැනුයි මතක් වෙලා තියෙන්නේ... සාමාන්‍ය අයගේ නම් බලාගෙන ඉඳියි මෙච්චර කාලයක්...!
Bamunuarachchi Monday, 22 August 2022 07:45 AM
ජල බිල්පත් ගෙවීම පැහැර හැර මියගොස් සිටින මැති ඇමැතිවරුන්, උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත් කියන කියමනට සරිලන ලෙස ඉපදේවා කියාපතමි...!