IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලී අනුපාතය යළි අඩුවන ලකුණු

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී පොලී අනුපාත නැවත අඩු කිරීමක් සිදු විය හැකි බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පසුගියදා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 2 කින් පහළ දැමීමට කටයුතු කළේය.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 11 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමිණ.මෙය ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය පිට පිට පහළ දැමූ දෙවැනි වතාව විය.

උද්ධමනය සහ නිමැවුම් පරතරයේ ඉදිරි දැක්ම පදනම් කරගනිමින් ඉදිරියේදී තවදුරටත් පොලි අනුපාත කප්පාදු කිරීමට සිදුවිය හැකි යැයි මහ බැංකු අධිපති වරයා සී.එන්.බී.සී නාලිකාව සමඟ පවසා ඇත. මෙතෙක් ගත් තීරණ නිවැරදි බව මින් පෙනී යන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ මුළු ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 83 ක් බවත් ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 41.5 ක් බාහිර ණය බවත් ඉතිරි ඇමෙරිකානු ඩොලර් බිලියන 42.1 ක මුදල දේශීය ණය බවත් සී.එන්.බී.සී නාලිකාව මත පෙන්වා දී ඇත.

මෙම වසරේ අවසන් මාස 6 තුළදී ශ්‍රී ලංකාව නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා ධනාත්මක මාවතකට පිවිසීමට පොලී අනුපාත කප්පාදු කිරීම කිසියම් අයුරකින් සහායක් ලබා දෙනු ඇති බව විශ්වාස කරන බවත් ලබන වසර පුරාවට ශ්‍රී ලංකාව ධනාත්මක මාවතක සිටිනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබේ.

එසේම ඉදිරියේදී තවත් ආනයන සීමා ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

 



අදහස් (2)

පොලී අනුපාතය යළි අඩුවන ලකුණු

Dewa Sunday, 09 July 2023 05:12 PM

මෙහෙම පොලී අඩු කිරිල්ලක්... ඇපට පොලී එපා. අර වැඩවසම් යුගයේ බැංකු පටන් ගත්තු කාලේ වගේ... එහෙම හොඳයි නේද?

:       4       3

Nimal jayawardana Sunday, 09 July 2023 08:32 PM

හොඳයි...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site