IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


පොලිස් සැරයන් නිසා ලක්ෂ 223 කොල්ලය වරදී

(බී.ඩබිලිව්.ඩ්. ධර්මකීර්ති,අනුර ලේකම්ගේ සහ බී.ජී.චතුරංග)

තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයකු පෞද්ගලික බැංකුව තැන්පත් කිරීමට ගෙනා රුපියල් ලක්ෂ 223කට අධික මුදලක් කොල්ලකා පලා යද්දී තඹුත්තේගම පොලිසියේ සැරයන්වරයකු කොල්ලකරුවන්ට පහරදී මුදල් සහ කොල්ලකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.

කොල්ලකරුවන් පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇතත් ඒ අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක වී නොමැත.

තියුණු ආයුද රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කර මුදල් සහ කොල්ලකරුවන් ජීවක් ගහ්‍රයෙන් අල්ලා ගැනීමට තඹුත්තේගම පොලිසියේ පොලිස් සැරයන් 42313 චමිල බුද්දික නමැති නිලධාරියා මෙසේ සමත් වි ඇත.

ආර්ථික මධ්‍යස්ථානයෙ සිට ලක්ෂ 223 කට අධික මුදල් රැගෙන මෙම ව්‍යාපාරිකයා සිය මෝටර් රථයෙන් මෙම බැංකු වෙත ළඟා වී ඇති අතර මුදල් රැගෙන බැංකුවට ඇතුල්වෙන අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් එම මුදල් රැගෙන ආ ව්‍යාපාරිකයාට පහරදී මුදල් රැගෙන පලා යෑමට උත්සහ දරා ඇත.

ඒ අවස්ථාවේ ව්‍යාපාරිකයා හා කොල්ලකරු අතර පොර බැඳීමක් සිදුව ඇති අතර ඒ අවස්ථාවේ කොල්ලකරුවන් ව්‍යාපාරිකයාට මිරිකුඩු ගසා ඇත.

පොරබදින අවස්ථාවේ මුදල් තොගය විසිරි ඇති අතර කොල්ලකරුවන් එම මුදල් අලුහාගෙන පැහරගෙන යද්දී ඒ අසලින් ගමන්ගත් පොලිස් සැරයන්වරය සොයා බැලීමේදී කොල්ලයක් බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වී ඔවුන් අල්ලා ගැනීමට උත්සහ කර ඇත. ඒ අවස්ථාවේ කොල්ලකරුවන් පොලිස් සැරයන්වරයා වෙඩි තැබීමට උත්සහ කර ඇත.

එය ක්‍රියාත්මක නොවූ බවපොලිස් නිලධාරියා පවසයි .ඉන් අනතුරුව සැකකරුවන් එම පොලිස් නිලධාරියාට මිරිස් කුඩුවලින් පහර දී ඇති එය ද අසාර්ථක වී ඇත.

දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුවන් දෙදෙනා හා ගිනි අවිය, මුවහත් ආයුධයක් අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (2)

පොලිස් සැරයන් නිසා ලක්ෂ 223 කොල්ලය වරදී

චන්දන Monday, 26 September 2022 08:40 PM

වීර පොලිස් නිලධාරියාට අපගේ ප්‍රණාමය...!

:       0       0

samaadi Tuesday, 27 September 2022 10:29 AM

ඉස්සර පොහොට්ටුවෝ දැන් මංකොල්ලකාරයෝ වෙලා නේද? තාම පටන්ගත්තා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 57 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1632 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site