(ගයාන් සූරියආරච්චි)
උසස් පොලිස් නිලධාරීන් 5 දෙනකු ඇතුළු ස්ථානාධිපතිවරුන් 10 දෙනකුට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්කිරීම සිදුකර ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනුයුක්තව රාජකාරී කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එස්. මොහාන්ලාල් මහතා එහි අධ්‍යක්ෂ (විමර්ශන) ලෙස පත්කරනු ලැබ සිටී.
එමෙන්ම අම්පාර කෝට්ඨාසයේ පොලිස් අධිකාරී ඒ.එස්.කේ. බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ගල්කිස්ස කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ඩබ්.ටී. අනුරංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත්, ඇල්පිටිය කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී බී.එල්.ඒ. ප්‍රසන්න නුගේගොඩ කොට්ඨාසයටත්, නුගේගොඩ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී දීප්ති කුමාර ඇල්පිටිය කොට්ඨාසයටත් මාරු කර ඇත.
තවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු ස්ථානාධිපති තනතුරේ සාමාන්‍ය රාජකාරී සදහා යොදවා ඇත.
ඒ අනුව බලන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී. ජයකොඩි බදුල්ල කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සදහාත්, ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක බී.පී.එල්. ප්‍රනාන්දු මඩකලපුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සදහාත්, නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස්. විජේසිංහ මහතා ගම්පහ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සදහාත් මාරු කර ඇත.
එමෙන්ම කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ. රාජපක්ෂ මානව සම්පත් කළමනකාරණ කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානාධිපති තනතුර සදහාත්, ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී. කාන්ගර ගම්පොළ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙසත්, අංකුඹුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන්. අබේනාරායන ඩෙල්ෆෟ පොලිස් ස්ථානාධිපති ලෙසත්, මාතලේ කොට්ඨාසය ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ. රත්නායක අංකුඹුර පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එච්.එන්. තාරක පුවරසන්කුලම් පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසත්, මීගමුව කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන්. සිරිපති බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී ඉටුකිරීම සදහාත් යොදවා ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොලිස් ලොක්කො 10කට ස්ථාන මාරු
prasanna Monday, 09 June 2025 01:09 PM
ස්ථාන මාරු, නඩුහබ, පළිගැනීම් විතරයි. ජනතාවට කිසිම සහනයක් නෑ. මෙයාලගේ ෂෝ බලමින් ඉන්න වෙලා තියෙන්නේ.
මාලිමාගැත්තා Monday, 09 June 2025 01:38 PM
රටට ආදරෙ කරන බයියො කියයි දේශපාලනීකරණය කියලා. එහෙම එකක් මෙතන නෑ. අධික මාලිමාකරණය පමණයි.
රුවන් Monday, 09 June 2025 01:56 PM
මාලිමාගැත්තා එදා සුදු වෑන් වලින් අරන් ගිහින් මිනිස්සු අතුරුදහන් කරපු කාණ්ඩයමේ රියදුරා ද?
මාලිමාගැත්තාMonday, 09 June 2025 04:09 PM
හැබෑවටම මුන්නැහේ මාව හඳුනගෙන නෙව. සුදු වෑන් වලින් ගියේ කවුද කියලත් දන්නව ඇතිනෙ. අහිංසක කවුරුත් එහෙම ගිහින් තියෙනව නම් මට කියන්න හොඳේ.