IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පොලිස් රථවාහන අංශයේ දීමනා ඉහළ දමයි

(ගයාන් සූරිය ආරච්චි)

රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ඉකුත් පෙබරවාරි පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ත්‍යාග මුදල් වැඩි කිරීම සිදු කෙරුණු ඇත.

රථ වාහන රාජකාරිවල නිරතව සිටින නිලධාරීන් දිරිමත් කිරීමත් රථ වාහන වැරදි අවම කිරීමට උපරිමයෙන් කටයුතු කිරීමටත් දිරිගැන්වීමක් වශයෙන් මෙම ත්‍යාගෙ මුදල් ගෙවීම් වැඩි කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

ඒ අනුව ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන රථ වාහන අංශ ස්ථානාධිපතිවරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ හා කාර්‍යාලයේ රාජකාරියෙ නියැලෙන පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන්, පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල් වරුන්, ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන පොලිස් කොස්තාපල් රියදුරන් සඳහාද මෙම ත්‍යාග මුදල් වර්ධනය ලබා දෙනු ඇත.

 



අදහස් (2)

පොලිස් රථවාහන අංශයේ දීමනා ඉහළ දමයි

Pradeep Kumara Thursday, 06 March 2025 09:12 AM

කරපු නැති වැරදි වලටත් දඩ කොල හම්බවෙන්න යන සීන් එකක් තියෙන්නේ. අපි නොදන්න පොලිස් අයියලා. අනික එයාලට ලැබෙන මුදල වැඩි කලාම රථ වාහන වැරදි අවම වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ.

:       4       29

sanath Thursday, 06 March 2025 11:05 AM

හාල් කිලෝ එකට තිබෙන බදු වලට අමතරව 65 බද්දක් ගහල , රටින් එන පිගන් ගඩොල් කැටෙටේ 110% බද්දක් ගහල එක විකුණන කොට තව 15% වැට් බදුත් ගහලා , පොල් මුදලාලිලාත් මාෆියාවක් හදාගෙන ගෙඩිය 200 දෙන නිසා ජනතාව සිටින්නේ ඉතා ප්‍රීතියෙන් , දඩ කොලේ ඩබල් වෙන්නේ , විදුලිබිල වැඩි වෙන්නේ , ලක්ෂ 12 විට්ස් එක එන්නේ , ඡන්දෙන් පස්සේ ,

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site