IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස් බසයෙන් තෙල් ඇද්ද පී.සී මාට්ටු

(තුසිත කුමාර ද සිල්වා)

ගාල්ල පොලිසියේ බසයකින් ඉන්ධන ඇද්ද පොලිස් බස් රථයේ රියදුරු කොස්තාපල්වරයා ඩීසල් ඉන්ධන ලීටර් 11 ක් සමග අත්අඩංගුවට ගත් බව සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතා පවසයි.

රාජකාරී කටයුතු සඳහා පොලිසියේ පිරිසක් කොළඹ ප්‍රදේශයට රැගෙන ගොස් බස්සවා ආපසු එන අතර තුර රියදුරු කොස්තාපල්වරයා මෙලෙස මොරගල්ල සංචාරක පොලිස් ස්ථානයට නුදුරින් පෞද්ගලික ස්ථානයකට බස් රථය ගාල් කර ටැංකියේ තිබූ ඩීසල් ඉවත්කර මුදලට විකිණීමේ අරමුණෙන් මෙම ක්‍රියාව සිදුකර ඇති බව පොලිසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකාර පොලිස්කොස්තාපල්වරයා හබරාදුව පොලිස් වසමේ පදිංචිකරුවකු වන 32 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

රජයේ දේපළ වංචා කිරීමේ චෝදනාව යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

පොලිස් බසයෙන් තෙල් ඇද්ද පී.සී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site